Local News

රු. 100ක් නොදුන් නිසා තරුණියකගේ ජීවිතය නැති කළ පාපතරයෙක්

රත්නපුර, ඇලපාත, මහිරාගල ප්‍රදේශයේ කාන්තාවක පිහියකින් ඇන අමානුෂික ලෙස ජීවිතය විනාශ කර තිබේ. මෙලෙස දිවි අහිමි වූයේ, 27 හැවිරිදි වියේ පසු වූ එම ප්‍රදේශයේ ම පදිංචි මීට මාස දෙකකට පමණ පෙර විවාහ වී ඇති කාන්තාවකි.

මෙම සිදු වීම සම්බන්ධයෙන් කෙහෙල්ඕවිටගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු 21 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.

ඇලපාත ප්‍රදේශයේ පිහිටි සේවා ස්ථානයේ සිට සිය නිවසට යමින් සිටියදී අදාළ කාන්තාව මෙලෙස අමානුෂික ලෙස මරණයට ලක්වී තිබේ. ඇයගේ සැමියා ද එම සේවා ස්ථානයේ ම සේවයේ නිරතව සිට ඇති අතර එදින ඔහු සේවයට ගොස් නොමැත.

සිද්ධිය සිදු වූ දින පස්වරුවේ එම කාන්තාවගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි පාලු ස්ථානයකදී මාර්ගයේ රැඳී සිටි සැකකරු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, කාන්තාව එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පිහියකින් ඇයගේ සිරුරේ ස්ථාන 3කට ඇන ඇතැයි සැකකරු විසින් පාපොච්චාරණය කරනු ලැබ තිබේ. පසුව කාන්තාවගේ අත රැඳි ගමන් මල්ල ද රැගෙන සැකකරු පළා ගොස් ඇත.

සිය බිරිඳ නිවසට නොපැමිණීම පිළිබඳව සොයා බලා ඇති සැමියා කාන්තාව හමු වූ පසු ඇයව රෝහල්ගතකිරීමට පියවර ගෙන තිබේ. එසේ වුව ද ඒ වනවිටත් ඇය මිය ගොස් සිටි බව සඳහන් වේ.

පොලිසිය විසින් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අනාවරණයේ වී ඇත්තේ, සැකකරු කසිප්පු පානයට ඇබ්බැහි වී ඇති බව ත් කසිප්පු පානය කිරීමට මෙලෙස මුදල් ඉල්ලා සිට ඇති බවත් ය. අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. ඇලපාත පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කරයි.
මෙවැනි පුවත් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න.

Leave a Comment