World News

රුසියාවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කරයි

එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

The flag of Russia waving in the wind.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. “කොළඹ වාණිජ මහාධිකරණය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා තබා ගැනීම සඳහා ජූනි 2 වැනිදා ලබා දුන් වාරණ නියෝගය අද අත්හිටුවන ලදි. අත්හිටුවූ පසු ගුවන් යානය මොස්කව් බලා පියාසර කළ අතර මෙම තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු”

Leave a Comment