අපේ කලා ලෝකය තුළ මේ වෙද්දි වසර ගණනාවක් තිස්සේම වේදිකාව හරහා කෙනාට සූත්‍රය හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුන්දර රංගන ශිල්පියෙක් තමයි මේ දවස් වල වැඩි වශයෙන් කතා බහ කරන එස් අයි සමරක්කොඩි කියන රංගන ශිල්පියා. එස් අයි. කිව්වට ඇත්තටම ඔහු වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක් නම් නෙවෙයි.
මේ දවස් වල මේ සුන්දර රංගන ශිල්පියා ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ජානු ටෙලි නිර්මාණය අල්පොන්සු කියන චරිතය නිසයි.අවුරුදු ගණනාවක් කලා ක්ෂේත්‍රය තුළ හිටපු ඔහුට මේ චරිතය ටිකක් නෙවෙයි ගොඩක් ම වෙනස් චරිතයක් කියලත් ඔහු සඳහන් කළා.ඒ සම්බන්ධයෙන් ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
“අල්පොන්සො කියන්නේ ඇත්තටම මට ලැබුණු වෙනස්ම විදිහේ චරිත රංගනයක් ඔහු අම්මලාගේ තුරුලෙම හැදුණු වැඩුණු කෙනෙක් මිල මුදල් යහමින් තියෙන වලව්වක පුද්ගලයෙක්.පොල් වතු ව්‍යාපාර හොඳටම තියෙනවා ඔහුට වයස ගෙවිලා තියෙන්නේ නමුත් විවාහයක් ගැන හිතන්නේ නැහැ.ඒත් නොහිතන මොහොතක ගැහැණු ළමයෙක් දැකලා ඇය ගැන ඔහුට ආදරයක් ඇතිවෙනවා එ ආදරයත් එක්ක සිද්ධ වෙන කතන්දරයක් තමයි මගේ චරිතය හරහා දිග හැරෙන්නේ’
ඔහු තමන්ට ලැබුණු වෙනස්ම ආකාරයේ චරිතය ගැන කතා කරද්දී ඇත්තටම ඒ චරිතය ජීවිතයටත් ගොඩක් වැදගත් සහ අත්දැකීම් බහුල චරිතයක් කියලා ඔහු සඳහන් කළා.වර්තමානය වන විට ඔහු තමන්ගේ මුළු ජීවිතයම කලාව බවට පත් කරගෙන අවසන් පත්කරගෙන අවසන් ඒ වගේම කලාව තුළ දක්ෂයෙක් වෙන්න ඔහු කරපු කැපකිරීම් ගැන කිව්වේ මේ වගේ කතාවක්
“ඇත්තටම මම මේ වෙද්දි කලා ක්ෂේනා ඒ නිසා මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න හිතුවා ඒ ඉගෙනීමත් එක්ක අවුරුදු තිස් එකෙන්.ඒ කියන්නේ ගොඩක් වයසට ගිහින් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හදාරන්න සම්බන්ධ වෙනවා.අවුරුදු 35 දිඋ තමයි ඒ තුළින් ඉවත් වෙන්නේ ඒ හැමදේම කරන්න කලාවට තියෙන ආදරේ නිසා තමයි. විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා උපාධිය ගත්ත වයසකම ශිෂ්‍යයා මම තමයි මුලින්ම මම වාණිජ විෂය හදාරලා අවුරුදු දහතුනකට පස්සේ තමයි සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නේ”
එයාකාරයෙන් කට්ටක් කාලා ලොකු කැපකිරීමක් කරලා තමයි ඔහු කලාව තුළ තවදුරටත් ඉදිරියට අලුත් අලුත් දේ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.ඉතින් ඒ සියලුම සැලසුම් සහ බලාපොරොත්තු වූ ආකාරයෙන් ඉෂ්ට වේවා කියා අපිත් හදවතින්ම ඔහුට සුබ සුබ පැතුම් එක් කරන්නෙමු.