සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සඳහා සහාය ලබා දෙන්නේ විශ්වාස භංගයෙන් අනතුරුව රටේ වගකීම භාර ගැනීමට සූදානම් නම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.
විශ්වාසභංගයකින් ආණ්ඩුවක් පරාජය කල යුත්තේ ආණ්ඩුවක් පිහිටුවා එම වගකීම ගෙන ආණ්ඩුව කරගෙන යා හැකි නම් පමණක් බවත් එසේ නැතුව රට අරාජික කිරීමට සහාය දිය නොහැකි බවත් උන්වහන්සේ පැවසූහ.
විශ්වාසභංගයක් ඉදිරිපත් කර ආණ්ඩු ගෙදර යෑමටත් කලින් ආණ්ඩුව ගෙදර යැවීමෙන් පසු සිදුකරන ඉදිරි වැඩ පිළිවෙළක් තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.
එසේ නොමැතිව ආණ්ඩුව පරාජය කිරීමෙන් පමණක් සිදු වන්නේ රට අරාජික වීම බව ද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් ආණ්ඩුව පරාජය කිරීම සඳහා මන්ත‍්‍රී ආසන එකසිය විස්සක් දක්වා පෙන්විය හැකි වුවද ඒ සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ තාවයක් ඇති විය යුතු ද හෙතෙම සඳහන් කළේය.
අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡා ද අසාර්ථක වී ඇත.
ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීම සහ ආණ්ඩුව ඉවත් වීම යන කොන්දේසි එම පක්ෂය ඉදිරිපත් කර ඇත.