සක්විති රජකම දුන්න ද ජනවරමකින් තොර ව තනතුරු බාර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ප්‍රතිපත්ති කඩ කර රටේ ජනතාව අමතක කර පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබාගැනිමට තමා සුදානම් නොමැති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.
පොහොට්ටුවේ 134 දෙනෙකුගේ සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා, පොහොට්ටු හොර කණ්ඩායමේ ආරක්ෂකයා වී මේ වන විට පාස්කු ප්‍රහාරයේ සත්‍ය පවා සඟවමින් සිටින බවත් රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කර ඇත.
මෙසේ ඇත්ත සැඟවීම තුළ ජාතික ආරක්ෂාව අනතුරට පත් වන බව ද පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සක්විති රජකම ලබා දෙන බව පැවසුව ද ජන වරමකින් තොර ව ජනාධිපතිකම හෝ අගමැතිකම හෝ මැති ඇමතිකම් හෝ රාජ්‍ය බලයක් ලබා ගැනිමට තමා සූදානම් නැති බව ද අවධාරණය කර තිබේ.