Gossip Lanka

පිය පදවිය කියන්නේ වෙනස්ම අලුත් අත්දැකීමක්, පුංචි පුතෙකුගේ පියෙක් වුණු සජිත කියන කතාව

ඇන්තනී පවුල කියන්නේ ලංකාවේ කලාව තුළ විශිෂ්ට නමක් දිනාගත්ත කලා පවුලක් කියලා අපි කවුරුත් දන්න දෙයක්. ඊට හේතුව ජැක්සන් ඇන්තනී ඇතුලු මුළු පවුලම අද වෙනකොට කලා ලොවට අලුත්ම නිර්මාණ ඔස්සේ නිර්මාණාත්මක බවක් ගෙන එන පවුලක් කියලා කිව්වොත් නිවැරදියි.

කුමාරි මුණසිංහ, අකිල ධනුද්දර, මාධවී ඇන්තනී සමගින් සජිත අනුත්තර තමයි මේ පවුලට අයිති වෙන්නේ. ඇන්තනී පවුලේ කතා බහට ලක් වෙන විශේෂ දෙපළක් තමයි සජිත අනුත්තර හා ඔහුගේ බිරිඳ. ඒ වගේම මුහුණු පොතේත් ඔවුන්ගේ විවිධ ඡායාරූප අපිට දැකගන්න පුලුවන්. අලුත්ම නිර්මාණ ගණනාවක් ඔස්සේ ඔහුගේ නර්තන හැකියාවන් ගායන හැකියාවන් වගේම රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන් වන අපිට ඉදිරිපත් කරනවා.

ඉතින් සජිත ඇන්තනී මේ දිනවල රංගනයෙන් දායක වන ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන නාඩගම්කාරයෝ නාට්‍යයේ සරාගේ චරිතය අපූරුවට නිරූපණය කරන්නට හැකියාව ලැබිලා තිබෙනවා. ඉතින් ඒ වගේම සජිතගේ ආදරණීය සුන්දර බිරිඳ බුවී පහුගිය දවසක ඇයගේ සමාජ මාධ්‍ය ජාලා ගිනුමක අපූරු ඡායාරූපයක් පළකරමින් මේ ආදරණීය යුවල කුළුදුලේ දෙමව්පියන් වෙන්න යන බව පවසලා තිබුණා.

ඉතින් ඒ පුංචි පැටියා මෙලොව එලිය දුටුවෙන් පස්සේ සජිත ඒ සතුට ගැන මේ විදිහට පවසා තිබුනා.
”ජීවිතේ අලුත්ම දේකට අඩිය තියලයි තියෙන්නේ, ඇත්තෙන්ම ඒක අලුත්ම ස්ටෙප් එකක්. පිය පදවිය ලැබුවා කියන්නේ වෙනස්ම අත්තකිමක්. දැන් ඉතින් ඒකත් එක්කම තමයි ජිවිතේ ගතකරන්නේ’’
කියලා ඔහු සටහනක් තබලා තිබුනා. බිරිදටත් ගොඩාක් ආදරේ කරන සජිත ඇය ගැනත් කිව්වේ මෙහෙම කතාවක්.

”පිරිමියෙකුගේ ජිවිතේ ඉස්සරහට යන්නත් පස්සට යන්නත් ගැහැනියක් පිටිපස්සෙන් ඉන්නවා කියලා කතාවක් තියනවා. ඒක ඇත්ත මගේ ජිවිතේ ජයගන්න වැඩියෙන්ම උදව් කරපු කෙනෙක් තමයි බුවී. බුවී කියන්නේ මගේ ජීවිතේට ලැබුණු නිධානයක්. මුලින්ම අපේ සම්බන්දෙ එයාගේ ගෙදරට කියද්දී බුවිගේ තාත්තා කිව්වේ මෙහෙම කතාවක්

අපි දුවව හැදුවේ මලක් වගේ. මෙච්චර කාලෙකට කිසිම දුකක් දීලා නැහැ. ඔයාටත් මගේ දුවව ඒ විදියට ආදරෙන් බලාගන්න පුලුවන්ද කියලා ඇහුවේ. ආදරේ කරන දවස්වල ඉඳලා දැන් වෙනකල්ම අපි දෙන්නා එකවගෙයි. ගෙවල් දෙකේම බාලම දරුවෝ අපි දෙන්නා, ඒක නිසා බැන්දත් අම්මා තාත්තගේ ආදරේ ගොඩක් බලාපොරොත්තු වෙනවා. අපි දෙන්නට ගෙවල් දෙකක් තියනවා, එකක් මගේ ගෙදර අනිත් එක බුවිගේ ගෙදර.’

ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියාගේ සහ ඔහුගේ ආදරණීය බිරිද බුවීගේ ආදරය මේ විදියටයි ගලා යන්නේ. ඉතින් එදා සිට අද දක්වාම ආදරෙන් ඉන්න මේ දෙන්නා දැන්නම් දෙමාපියන්. ඒ පුංචි පුතෙකුටයි. ඉතින් උතුම් මව් පදවිය ලබපු සජිතගේත් බුවීගේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා naifm අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු. මෙවැනි රසම රස ගොසිප් දැනගන්න දිගටම Naifm.lk වෙබ් අඩවිය සමගින් රැදී සිටින්න අමතක කරන්න එපා.

Leave a Comment