Local News

සැමන් කන අයට රතු එළියක්…මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න

කල් ඉකුත් වීමට ආසන්න ටින්මාඵ තොගයක නිෂ්පාදන දිනය සහ මිළ ගණන් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති බව පැවසෙන ටිං මාඵ තොගයක් ඊයේ (20) සවස අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි නිළධාරී කාර්යාලය පවසනවා.

දැල්ලෝ අපනයනය කරන කර්මාන්තශාලාවක මෙලෙස ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතිබව පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් පවසයි.

නවීන යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් මෙම මිල ගණන් වෙනස් කර ඇති අතර කල් ඉකුත් වීමට ආසන්න සැමන් තොගවල මිල සහ නිෂ්පාදන වර්ෂද වෙනස් කර ඇති බවද පැවසේ.

අත්අඩංගුවට ගත් දාහත් දහසකට ආසන්න සැමන් ටිං තොගය ඇතුඵ නඩු භාණ්ඩ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment