Local News

සුව සැරියට වසර හයයි

සෞඛ්‍ය සේවාවේ දියුණුව වෙනුවෙන් රෝගී සත්කාර කටයුතු කඩිනම් කිරීමේ මෙහෙවරක  නිරතවන  1990 සුවසැරිය ගිලන් රථ සේවයට  වසර හයක් සපුරා ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් 2016 ජූලි 28 වනදා 1990 සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කෙරිණ.

එහි  නියමු ව්‍යාපෘතිය ගිලන් රථ 88 ක් යොදා ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත්වල ආරම්භ කරනු ලැබීය.

ඒ සඳහා ඉන්දියාව යළි නොගෙවිය යුතු ඩොලර් මිලියන 7.55 ක පරිත්යාගයක් සිදුකළේය.

මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම සේවාව දිවයින පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව යළිත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 15.2 ක පරිත්යාගයක් සිදුකළේය.

2018 අංක 18 දරණ 1990 සුවසැරිය පදනම පනත මගින් ඇතිකළ සුවසැරිය පදනම මගින් සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් මේ වනවිට  පාලනය වේ.

මෙම සේවාව මගින් මේ වනවිට රෝගීන් ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයක් රෝහල් ගතකර ඇත.

සුවසැරිය ගිලන් රථ සේවයට  මේ වනවිට ඇමතුම් ලක්ෂ 54 කට අධික ප්‍රමාණයක් ලැබී තිබේ.

සුවසැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක සහ එහි  ප්‍රධාන විධායක නිළධාරී සොහාන්ද සිල්වා යන මහත්වරුන් ඇතුලු සුවසැරිය අධ්‍යක්ෂ මණ්ඩලය  වසර පහක් තිස්සේ එහි කටයුතු මෙහෙයවනු ලබයි.

Leave a Comment