Life Story

‘මම වගේ අන්ධ කෙනෙකුට ජනාධිපති අරමුදල දෙන්න බැරිනම් කොයිවගේ කෙනෙක්ටද දෙන්න පූලුවන්”

මේ ලෝකේ ගොඩක් මිනිස්සු ජීවිතයේ අඩුපාඩු ගැන කතා කරනවා. හැමෝම හිතනවා තමන්ට ගොඩක් අඩුපාඩු අනෙක් අයට සාපේක්ෂව තියෙනවා කියලා. ඉතින් ඒ නිසා තමා ඒ තරගකාරී තරගකාරී ලෝකයක් එක්ක මිනිස්සු මේ විදිහට පොර බදින්නේ. ඒත් ඇත්තටම තමන් දිහා හැරිලා බලලා විට අපට හිතෙන්නේ අපිට මොනවද අඩුපාඩු කියල.

ඉතින් ඒ විදිහට අත්පා අහිමි, කන් නොඇසෙන වගේම දෑස් දෙකෙන් ලෝකය බලන්නට නොහැකි කට්ටියත් මේ ලෝකයේ ජීවත් වෙනවා. ඉතින් එවැනි ධනාත්මක චින්තනය පිලිබදව කථා කරන මේ වන විට ලෝකය දකින්නට නොහැකි සුවිශේෂී කාන්තාවක් ගැනයි මේ කියන්න යන්නේ. ඇය ස්ටීවන් මෙලනි. ඇයගේ ජීවිත කතාව තුළ හරි අඳුරු පැතිකඩක් තියෙනවා.

ඇය උපතින්ම දෑස් අන්ධ කාන්තාවක් නොවේ. ඇයට මෙම අවාසනාවන්ත තත්වය උදාවෙලා තියෙන්නේ වයස අවුරුදු 11 න් පසුව බවයි ඇය පවසන්නේ. ඉතින් කුඩා කාලයේ කාලයේත් දෙමවුපියන් දෙපැත්තක සිට ආදරය රැකවරණය ලබා දුන් මේ මෙලනි මහත්මිය තම පවුලේ අයවලුන් ලෙස සලකන්නේ යහළු මිත්‍රයන්. ඒ තරමටම ඇයට ආදරය කරන පිරිසක් සිටිනවා. කුඩා කාලේ ඉදලා ඇසේ යම්කිසි වපරයක් තිබුණත් පවුල් පරිසරයත් එක්ක ඒ පිලිබදව කිසිම උනන්දුවක් තිබිල නෑ.

නමුත් ඇයට වසර 8 දී රෝගයට බෙහෙත් කරන්න පටන් අරන් ටික කාලයක් යනවිට ඇය කෙරෙහි වැඩිහිටියන්ගේ අවධානය යොමු නොවූ නිසා ඇයට මෙවැනි අවාසනාවන්ත තත්වයක් උදා වුණා. ඇයට මෙවැනි අවස්ථාවක් උදා වන්නට ඇතැයි කියා සැක කරන තවත් හේතුවක් තිබෙනවා. ඒ ඇය මැයි මස 6 වැනිදා දැක තිබෙනවා දිවි නැසුණු සිරුරු තුනක් ඇලක පාවෙමින් තිබියදී ඒ කබරයන් විසින් ආහාරයට ගන්නවා. ඔවුන් එය මෙම තත්ත්වයට පාදක ම හේතුවක් කියා සැක කරනවා. නමුත් ඇය පසුදින පල්ලියේ දේවමෙහෙයට සහභාගි වී පල්ලියෙන් පිටතට පැමිණෙන විට ඇය දෑස් නොපෙනෙන කෙනෙක්.

දෑස් නොපෙනෙන සමස්ථ අයවලුන් සුදු සැරයටිය රැගෙන ගියත් ඇය එය භාවිතා නොකරන්නේ සමාජයේ මිනිසුන් ඇය පහත් තත්වයට දාන නිසා. ඒ ඇය කපටිකමක් කරනවා යැයි සිතාවි යන බයකින්. ඇය මේ වන විට විවාහක කාන්තාවක්. ඔහු විදෙස් පුද්ගලයෙක්. ඇය විවාහය පිළිබදව කතාකරන්නට එතරම් කැමැත්ත දක්වන්නේ නැහැ. ඇයට හෘද සැත්කමක් සිදු කරනවා. ඒ නවලෝක රෝහලේ. ඇයට කිසිදු කෙනෙකුගේ මුදල් ආධාර ලැබෙන්නැහැ. ඒ ගැන ඇය පැවසුවේ මෙහෙමයි.

“මට කිසිම ජනාධිපති අරමුදලෙන් කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඒ ඇය ජනාධිපති අරමුදලෙන් ඉල්ලීම් කලත් එය ප්‍රතික්ශේප කරනවා. මම වගේ කෙනෙකුට දෙන්නැති වුණාට සල්ලි තියෙන කට්ටියටනම් දෙනවා.”

ඇය අවසාන වශයෙන් පවසන්නේ ඇය වන් කාන්තාවන් දුටුවොත් කතාකරන්න, මගහරින්න එපා බුද්ධියෙන් ලෝකය දෙස විමසා බලන්න යනුවෙනි.

Leave a Comment