වෙලම්බොඩ මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් දිනයේ (8) නිවස බලා යමින් සිටි 17 හැවිරිදි සිසුවියකට ඇයගේ පෙම්වතා කියන තරුණයෙකු දැන්පිටිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී පිහියකින් තුවාල සිදු කර පළාගොස් ඇතැයි වෙලම්බොඩ පොලිසිය පවසයි.

මෙම සිසුවිය සහ ඇගේ පෙම්වතා බව කියන තරුණයා අතර ඇතිව තිබූ ආරවුලක් මත මෙවැන්නක් සිදුකර ඇතැයි පොලිසිය සදහන් කරයි. මෙම තරුණයා අත් අඩංගුවට ගැනීමට වෙලම්බොඩ පොලීසිය පුලුල් පරීක්ෂණ සිදු කරයි.