Local News

අවුරුදු හතර සම්පූර්ණවන දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්යයි

වසර හතරක් සම්පූර්ණවන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ, සඳහා මුදල් ගෙවිය නොහැකි දරුවන් වෙනුවෙන් රජය මැදිහත්වන අතර, අවශ්‍යතාව මත ඉඩකඩ පවතින ප්‍රාථමික පාසල්වල පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පැවැත්විය හැකි බවත් වැසී යාමේ අභියෝගයකට මුහුණ පා ඇති පාසල්වලට ද එය යම් විසඳුමක් වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පැවති වැඩසටහනක එක්වෙමින්.

අධ්‍යාපන පරිවර්තනීය ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමේ මූලිකම පියවර වන්නේත් මෙරට දරුවන්ගේ විධිමත් පූර්ව ළමාවිය සංවර්ධනය බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම 2023 වර්ෂයට සාපේක්ෂ ව සමස්ත ශිෂ්‍ය ගහනයෙන් වැඩි සිසුන් පිරිසකට දිවා ආහාර ලබාදෙමින් මේ වන විට දිවා ආහාර ප්‍රතිලාභ ලබන සිසුන් සංඛ්‍යාව 2024 වර්ෂයේ දී වැඩි ප්‍රතිශතයකින් ඉහළ නංවන බවද ඔහු සඳහන් කළා.

දරුවන්ට පොත්පත් පාසලේ තබා නිදහසේ නිවසට ගිය හැකි පරිදි අනවශ්‍ය බරකින් යුත් පාසල් බෑගයක් ඔසවාගෙන යෑමේ අවස්ථා නැතිකර ගුරු-සිසු සැමට ප්‍රබෝධජනක ලෙස පන්ති කාමරය තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නියැලීමේ අවකාශ උදාකරලීමට ක්‍රියාකරන බව පැවසූ අමාත්‍යවරයා මුදල් ගෙවා සපයන අධ්‍යාපනයක් සමඟ නිදහස් අධ්‍යාපනය සැසඳීමේ දී එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු බවයි පැවසුවේ.

Leave a Comment