වර්තමානයේ ජීව්ත්වන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් බොහොමයක් සිදු කරගන්නේ නිදන කාමරය තුලදීයී. උදාහරණයක් විදියට ආහර ගන්න එක, කෑම කන එක, ව්‍යායාම කරන එක පවා සමහරක් දෙනා සිදු කරන්නේ නිදන කාමරය තුලදීමයි. නමුත් මනෝ විද්‍යාව පිලිබද පර්‍යේෂණ කරන පර්‍යේෂකයින් පෙන්වලා දෙන්නේ නිදන කාමරය තුල තබා ගත නොයුතු දේවල් තබා ගැනීමෙන් ඔයාගේ මානසික නිදහස අහිමි වෙන බවයි. ඉතින් අපි බලමු මොනවද මේ නිදන කාමරය තුල තියාගන්න හොද නැති දේවල් කියල.
අංක එක – සපත්තු.
අපි ගෙදරකට ඇතුල් වෙන්න කලින් සපත්තු ගලවන්නේ සපත්තු වල නොයෙකුත් විෂබීජ සහ අපද්‍රව්‍ය තැවරී තියෙන නිසායි. මේ නිසා කීසිම හේතුවකට ඔයාගේ නිදන කාමරය තුලට ඔයාලගේ සපත්තු සෙරෙප්පු ඇතුල් කරගන්න එපා. ඒකට පිලියමක් විදියට ඔයාලට පුලුවන් නිවසට ඇතුල් වෙන හෝ කාමරයට ඇතුල් වෙන ස්තානයේ සපත්තු තැබිය හැකි රැක් එකක් ස්තාන ගත කරන්න. ඔයා නිදාගන්න ඇද පිරිසිදු ප්‍රසන්න එකක් වෙන්න ඕන. එතකොට තමයි දවසේ වෙහෙස ආතතිය සමනය කරගෙන සුවදායී නින්දක් ලබා ගන්න ඔයාට පුලුවන් වෙන්නේ.
අංක දෙක – එලාර්ම් ඔරලෝසුව සහ දුරකතනය.
අපි හැමෝම වගේ උදේට නැගිටින්නේ එලාර්ම් ඔරලෝසුව හරි දුරකතනයේ තියෙන එලාර්ම් එක හරි භාවිතා කරලයි. ඒ විතරක් නෙමෙයි ඒ එලාර්ම් එකට නැගිටින්න පුලුවන් වෙයිද කියලත් අපේ හිතේ සැකයක් තියෙනවා. ඉතින් මේ නිසාම රෑ මැදදී පවා බිය වෙලා ඇහැරෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට ඔයාට සුවදායී නින්දක් ලබාගන්න අවස්තාවක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේකට පිලියම තමයි ඔයාගේ නිදන කාමරයෙන් මේ උපකරණ දෙකම ඉවත් කරන එක. ඔයාගේ මොළය ඔයා ඇහැරෙන වෙලාවට හුරු කරවා ගන්න ඔයාට පුලුවන්. එහෙම උනාම ඔයාට ජීවිත කාලයෙම ජංගම දුරකතනය නැතුව සුවදායී නින්දක් ලබලා අවශ්‍ය වෙලාවට අවදි වෙන්න හැකියාව ලැබේවී.
අංක තුන – පවුලේ පින්තූර.
අපි ගොඩක් කැමති දෙයක් තමයි පවුලේ පින්තූර නිවසේ තියාගන්න එක. ඒත් ඔයාගේ නිදන කාමරයේ පවුලේ පින්තූර තියාගන්න එක නම් කොහෙත්ම සුදුසු නැහැ. ඒකට හේතුව තමයි යම් හේතුවක් නිසා ඔයාගෙන් දුරස් වෙලා ඉන්න, එහෙමත් නැති නම් මිය ගිය කෙනෙක්ගේ ජායාරූපයක් දකින එක මනසට වෙහෙසක් එකතු කිරීම. ඒ විතරක් නෙමෙයි තමන්ගේ පවුලේ අය වෙනුවෙන් ඉටු කරන්න තියෙන යුතුකම් වගකීම් ගැන කල්පනා වෙනකොට දැනෙන අනවශ්‍ය පීඩනය නිසාත් පවුලේ පින්තූර විසිත්ත කාමරයේ පමණක් ස්තානගත කිරීම සුදූසු බව මනෝ විද්‍යාව පිලිබද පර්‍යේෂන කරන පර්‍යේශකයින් පෙන්වා දී තිබෙනවා.
අංක හතර – ව්‍යායාම උපකරණ.
ව්‍යායාම උපකරණ වලට සැලකිය යුතු ඉඩක් වැය වෙනවා. ඔයාගේ නිවස වැඩි ඉඩකඩක් නැති එකක් නම් මේවා ගබඩා කරන එක හිතන තරම් පහසු නැහැ. නමුත් ඒ නිසා මේ උපකරණ නිදන කාමරයේ ස්තාපිත කිරීම කිසිසේත්ම සුදූස් වන්නේ නැහැ. ව්‍යායාම උපකරණ වල තැවරෙන දහඩිය, කුණු වගේ අපද්‍රව්‍ය නිසා ඔයාගේ නිදන කාමරය විෂබීජ පිරුණු තැනක් බවට පත් වෙන්න පුලුවන්. මේ නිසා හැකි තරම් හොදින් වාතය ලැබෙන ඉඩකඩ තිබෙන ස්තානයක මේ උපකරණ ස්තාපනය කරන්න.
අංක පහ – වැඩ මේසය.
ඔයාගේ වැඩ මේසය නිදන කාමරයේ ස්තාපනය කරන එක කොහොමවත් සුදුසු දෙය්ක් නෙමෙයි. නිවසේ ඉදන් වැඩ කරන්න ගොඩක් දෙනෙක් උනන්දු වෙන මේ කාලයේ ඔයගේ මනසට අනවශ්‍ය නිද්‍රාශීලී ස්වාභවයක් ඇති වෙන්න නිදන ඇද හේතු වෙන්න පුලුවන්. ඒ වගේම දහවල් කාලයේ ඇති වෙන පොඩි වෙහෙසකටත් නින්දක් ලබා ගැනීමට හුරු වීම විශාල කාලය නාස්ති කිරීමක්. මේ නිසා උපරිම පලදායීතාවයකින් වැඩ කරන්න හිතන ඔයා මොනම හේතුවක් නිසාවත් නිදන කාමරය තුල තමන්ගේ වැඩ මේසය ස්තානගත කරන්නට එපා.
අංක හය – නොකියවූ පොත්.
පොත් කියවන එක ගොඩක් හොද පුරුද්දක්. නමුත් ඔයා මේ තරම් කාලයක් මිලදී ගෙන නමුත් කියවලා අවසන් කරන්න බැරි උන පොත් නිදන කාමරයේ ගොඩ ගසා ගන්නට එපා. නිදන කාමරය කියන්නේ ඔයාගේ මනස සන්සුන් කරවන ඔයාට සුවදයී නින්දක් ලබා දෙන තැනක් වෙන්න ඕන. ඉතින් මේ නිසා ඔයාගේ කියවන්න තියෙන පොත්, කියවා අවසන් පොත් සියල්ලම වෙනම රාක්කයක් නිර්මාණය කරලා ඒකේ තැන්පත් කරන්න. ඔයාට කියවන්න අවශ්‍ය පොත විතරක් ඔයාගේ නිදන ඇද අසලට ගන්න.
අංක හත – බිස්කට් වර්ග.
සාමාන්‍යෙන් බිස්කට් වර්ග ඇතුලු රසකැවිලි ද්‍රව්‍ය ස්තානගත කරන්නේ මුලුතැන්ගෙය තුලයි. නමුත් ඔයා යම් හෙයකින් ඒවා නිදන කාමරය තුල ගබඩා කරලා තියෙනවා නම් වහාම ඒ පුරුද්ද නවත්වන්න අමතක කරන්න එපා. රසකැවිලි නිසා ඔයාගේ නිදන කාමරයේ කූඹි, කෘමීන්, මීයන් වගේ සතුන් අධික වශයෙන් බෝ වෙන්න පුලුවන්. එවැනි තත්වයක් නිර්මාණය වීම කිසිසේත් සුදුසු නොවන නිසා එවැනි ආහාර වර්ග නිදන කාමරය තුලට ගෙන ඒමෙන් වලකින්න.