ශ්‍රී ලංකාවේ ජන විවිධත්වය අතරින් සංස්කෘතික ලක්ෂණ රාශියක් විදහාපාන ජන කොට්ඨාසයක් තමයි ආදිවාසීන් කියන්නේ. මහියංගණ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන මොවුන් සිටින්නේ දඹානේ. දෙස් විදෙස් සංචාරකයින් බොහෝ ප්‍රමාණයක් මෙම ආදිවාසීන් බලන්නට කැමැත්තක් දක්වනවා. ආදිවාසීන්ට ම වෙන් වූ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් විතරක් නෙමෙයි භාෂාවකුත් තියෙනවා.
රැහේ නායක තිසාහාමිගේ සහ ඌරුවරිගේ හිනිගේ වැඩිමහල් පුතු වන වන්නිල ඇත්තෝ සහෝදරයින් නව දෙනෙක් ඉන්න පවුලක වැඩිමලා. උරූවරිගේ හීන්මැනිකාගේ අතගත් වන්නිලැත්තන්ගේ පවුල පිලිබදව පසුගිය දිනවල බොහෝ සෙයින් කතා බහ කලා.
අද අපි කතාකරන්නේ දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී උරුවරිගේ වන්නිල ඇත්තන්ගේ මෙලොව හැරගිය භාර්යාව වන හීංමැනිකා මාතාව ගැනයි. ඇය සිහිකරමින් රචිත ‘නියගෙක දැවෙන කුඹුරකි මම’ මෙලෙසින් නිර්මාණය වූ නව ගී නිර්මාණයක් පෙරේදා (23) දා උදෑසන දඹාන කොටබකිණිය ගම්මානයේදී ආදිවාසී නායක වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනගත කෙරිණි.

රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සංජය ප්‍රනාන්දු මහතා මේ සහ මුලිකත්වය ගෙන කටයුතු කර ඇති අතර , ගී පදවැල් මීරිගම, කල එළිය, හාපිටිගම පදිංචි ඉන්ද්‍රානි කාන්ති මහත්මිය විසින් රචනා කර තිබූ අතර රඹාවැව, පුත්තලම පදිංචි සුරංජන් මහේෂ් අබේසිංහ මහතා විසින් ගායනා කර තිබේ. ගී තනුව හා සංගීත නිර්මාණය කල්පිටිය, මීරිගම පදිංචි නාලක අංජන කුමාර මහතා විසිනි.
ගී පදවැල් ලියූ රචිකාවිය කාව්‍ය රචිකාවියක් වන අතර ඇය ෆේස්බුක් සමාජ සමූහයන් රැසක් සදහා කාව්‍ය නිර්මාණ පළ කරමින් ප්‍රසාදයට පාත්‍ර වූ රචිකාවියකි. ආදිවාසී නායකගේ බිරියගේ වියෝව මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග ඇයගේ සිතේ පහළ වූ කවි සංකල්පනා පසුව ගීතයක් බවට පරිවර්තනය කර ඇත. එම ගීතය නිර්මාණකරුවන් විසින් ප්‍රථම සංයුක්ත තැටිය ආදිවාසී නායක වන්නිලැත්තන්ට පිලිගැන්වීමෙන් අනතුරුව ගීත නිර්මාණය අන්තර්ජාලයට මුදා හැරීම සිදු කෙරුණි.

ඉතින් කාගේත් සංවේගයට පත්වූ වන්නිලැත්තන්ගේ ආදරණීය බිරිදගේ වියෝවත් එක්ක සංවේදී වුණු වන්නිලැත්තන්ට ඇයගේ අහිමිවීම දැඩි කම්පාවට හේතුවක්. ඉතින් අපි මෙලොව හැරගිය හීන්මැනිකා මහත්මියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. තවත් මේ වගේ රසම රස ගොසිප් බලන්න Naifm.lk වෙත පිවිසෙන්න.
