World News

පුටින් ජීවත් වෙන්නේ තව අවුරුදු 3යි – බුද්ධි නිලධාරියෙක් කියයි

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දරුණු පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත් වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටීන්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර තුනක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිළධාරියෙකු කළ අනාවරණයක් උපුටා දක්වමින් බ්‍රිතාන්‍යයේ ‘ ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත පවසයි.

ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතකට පුටින් සම්බන්ධයෙන් මෙම තොරතුරු හෙළිකර ඇත්තේ බොරිස් කාර්පිචෝච් නැමැති රුසියන් බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකි. ජනාධිපති පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමන් දන්නා බව බොරිස් කාර්පිචෝච් ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට පවසා තිබේ. බොරිස් කාර්පිචෝච් ජීවත්වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර ය.

බොරිස් කාර්පිචෝච් පවසා ඇති ආකාරයට පුටින්ගේ ඇස් පෙනීම ද මේ වන විට බොහෝ දුර්වල තත්ත්වයක පවතී. රුසියන් ජනාධිපතිවරයා දරුණු හිසරදයකින් පෙළෙන බව ද බොරිස් කාර්පිචෝච් පැහැදිලි කර තිබේ.
පුටින් පිළිකා රෝගියෙකු බවත් ඔහුට සැත්කමක් සිදු කිරීමට නියමිත බවත් මීට පෙර ද ඉන්ඩිපෙන්ඩන්ට් ඇතුළු බටහිර මාධ්‍ය රැසක් ලොවට අනාවරණය කර තිබුණි. පුටින් රෝගියෙකු බව පෙන්වමින් ඡායාරූප පවා පළ කෙරුනි. දරුණු පිළිකා රෝගියෙකු යැයි බටහිර මාධ්‍ය වාර්තා කළත් පුටින්ට කිසිදු රෝගයක් නොමැති බවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් රුසියන් විදේශ අමාත්‍ය ලැව්‍රෝච් අවධාරණය කල තිබේ.

ජනාධිපති පුටින් රුසියාවට නායකත්වයක් දෙන්නේ දශක දෙකක් තිස්සේය. පසුගිය ඔක්තෝම්බර් මාසයට, පුටින්ගේ 70 වැනි ජන්ම දිනය යෙදී තිබුණි. එදා සිට සෑම දිනකම පුටින් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවත් ඔහුට කිසිදු රෝගී තත්ත්වයක් නැති බවත් විදේශ අමාත්‍ය ලැව්‍රෝච් පවසා තිබේ. රුසියන් ජනාධිපති පුටින්ගේ පෞද්ගලික ජීවිතය ගැන හෝ ඔහුගේ සෞඛ්‍ය ගැන හෝ දන්නේ පුටින් සහ ඔහුගේ සමීපතයන් එක් කෙනෙකු හෝ දෙන්නෙකු පමණි. පුටින්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කිසිවෙකු කතා කරන්නේද නැත. විදේශ ඇමති ලෙස කටයුතු කරන සර්ගෙ ලැව්‍රෝච් පුටින් හිතවාදියෙකු වුවත් පුටිනන්ගේ සමීපතමයෙකු නොවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

Leave a Comment