Friday, January 30, 2026
19.6 C
Sri Lanka

Ebay බඩු නිසා තැපෑලට කෝටි 25ක පාඩුවක්.

විවිධ පුද්ගලයන් E bay මගින් මෙරටට ගෙන්වන භාණ්ඩ තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම භාණ්ඩ මෙරට බෙදාහැරීමේ වගකීම භාරගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයකිනි. ශීඝ්‍රගාමී සේවය යටතේ මෙම භාණ්ඩ බෙදාහැරීමට මෙම ආයතනය තැපැල් දෙපාර්තමේන්තුව සමග ගිවිසුමකට එළැඹ ඇත. එවන් ගිවිසුමකට එළැඹ තිබෙන නමුත් එම පාර්සල් බෙදාහැරෙන්නේ ශීඝ්‍රගාමී සේවාවෙන් නොව සාමාන්‍ය පාර්සල් සේවාවෙනි. ශීඝ්‍රගාමී සේවාව සඳහා එක් පාර්සලයකට රුපියල් දෙසියයක් අය කෙරෙන අතර එම පාර්සලයම සාමාන්‍ය පාර්සල් සේවාව යටතේ යැවීමට වැය කළ යුතු වන්නේ රුපියල් එකසිය පනහකි.

මේ අයුරින් මේ වන විට පාර්සල් පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් බෙදාහැර තිබෙන අතර එම ප්‍රමාණයෙන් පමණක් දෙපාර්තමේන්තුවට අහිමි වී තිබෙන ආදායම රුපියල් විසි පන් ලක්ෂයක් පමණ වෙයි. එම මුදල ශුද්ධ ලාභයක් ලෙස පෞද්ගලික ආයතනයට හිමි වෙයි.

මේ සම්බන්ධයෙන් සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙන හෙයින් පාර්සල් බෙදාහැරීම මේ වන විට නතර කර තිබේ. එහෙයින් මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් අංශයේ මෙන්ම කොළඹ පාර්සල් බෙදාහැරීමේ අංශයේ E bay පාර්සල් අටදහස් පන්සියයක අධික ප්‍රමාණයක් ගොඩගසා තිබෙන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ ‘අරුණ‘ට ඊයේ (09 ) පැවසීය.

පාර්සල් අංශයෙන් කෙරෙන බෙදාහැරීම් සඳහා රේගු බද්දක් ද අය කෙරෙන අතර පවතින ක්‍රියාවලිය මත එම බද්ද ද දෙපාර්තමේන්තුවට අහිමි වෙයි. මේ සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම සමග ද දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සාකච්ඡා කර තිබෙන අතර එහිදී හිටපු ඇමැතිවරයා උපදෙස් දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්මත කටයුතු කරන ලෙසය.

එම කාලයේදී මෙම ජාවාරම නතර වී තිබේ. ඇමැතිවරයාගේ විෂය පථය මාරු වීමෙන් පසු යළිත් එම ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ එම ආයතනයම වෙනත් නාමයකින් බව පැවසේ.

මේ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමග සාකච්ඡා කළ බවත් එම ක්‍රියාවලිය සේවක විරෝධය මත නතර කර තිබෙන නමුත් නිල වශයෙන් නතර කිරීමට මෙතෙක් හැකි වී නැති බවත් සභාපතිවරයා සඳහන් කළේය. මේ පිළිබඳව විමසීමට තැපැල්පති රුවන් සත්කුමාර දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img