Friday, January 30, 2026
19.8 C
Sri Lanka

රාජ්‍ය ආයතනවල අකටයුතුකම් පැමිණිලි කරන්න දුරකථන අංකයක්.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳ 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව එම අමාත්‍යාංශය පවසයි.

එම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම මෙම අංකය වෙත මේ වන විට ලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම පමා වීම තුළින්, චෝදනා එල්ල වන නිලධාරීන්ට හා පැමිණිලි ඉදිරිපත් කරන ජනතාවට අසාධාරණයක් වීම වැළැක්වීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට පවත්වා ඇති සම්මුඛ පරීක්ෂණවලින් අදාළ තනතුරුවලට තෝරාගෙන සිටින පිරිස් පවතින පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීමට නියමිත බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img