Thursday, January 29, 2026
26 C
Sri Lanka

ඔන්ලයින් ණය උගුලට ඔයත් හසු වුනාද..?

ඔන්ලයින් ඔස්සේ ක්ෂණික ණය මුදල් ලබාදෙන බව පවසමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානය අනාවරණ කරයි. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ජනතාව අපහසුතාවට පත්කරන මෙවැනි ගනුදෙනුවලට සම්බන්ධ සමාගම්වලට එරෙහිව පොලීසිය පියවර ගත යුතු බවය. සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම් හරහා ක්ෂණික ණය ලබාදෙන ආයතන රැසක් පිළිබඳව මේ දිනවල මහජනතාවගෙන් පැමිණිලි ලැබෙමින් පවතී.

නොයෙකුත් හදිසි අවශ්‍යතා මත එලෙස ණය ලබාගත් පුද්ගලයින් පවසන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ තමාගේ තොරතුරු ලබාගන්නා එම සමාගම් විශාල පොලී අනුපාතයක් යටතේ එම මුදල් නැවත අය කරගැනීමට කටයුතු කරන බවය. තමා ලබාගත් ණය මුදලට වඩා ඉතා විශාල මුදලක් නැවත ගෙවීමට සිදුවන එම ගැණුම්කරුවන්ට එම මුදල පියවා ගැනීමට නොහැකි වුවහොත් ඔවුන්ගේ තර්ජන වලටද මුහුණ දීමට සිදුවී තිබේ. ඔන්ලයින් ණය ලබාදුන් ආයතනයේ සේවකයෙන් ණය ගැනුම්කරුවෙකුට දුරකථනයෙන් තර්ජනය කර මුදල් ඉල්ලා සිටියේ මෙලෙසිනි.

“ඔබතුමිය 130,000 ලෝන් එකක් අරන් තියෙනවා. පැයක් දෙන්නම්. සල්ලි ගෙවලා ස්ලිප් එක එවන්න ඕනේ. ඕක වෙන ක්‍රමවේදයකට ගන්න ගියොත් 150,000ක් ගෙවන්න වෙනවා. ඔයා හුස්ම ඇරියට වැඩක් නැහැ. ෆෝන් ඕෆ් කළොත් වෙනදේ බලන්න.”

මෙම ආයතන සම්බන්ධයෙන් අද දූෂණ විරෝධී හඬ සංවිධානයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අනාවරණයක් සිදුකළේය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා,

“මුදල් ගන්නත් මුදල් එකතු කරන්නත් මහ බැංකුවේ ලියාපදිංචි වෙන්න ඕනේ. එහෙම නොවී ආයතන 40කට වැඩි ප්‍රමාණයක් ජනතාව පීඩාවට පත්කරනවා.”

“ඔන්ලයින් ණය මුදල් දෙන ආයතන ඇප් එකක් දෙනවා ඩවුන්ලෝඩ් කරන්න. ඇප් එක ඩවුන්ලෝඩ් වුණාම ෆෝන් එකේ තියෙන සියලුම තොරතුරු ඒ අයට යනවා. එහෙම තමයි ජනතාව හිර කරන්නේ. රුපියල් 3,000 සිට ණය ලබාදීම පටන් ගන්නවා. 365%යි පොලිය. දවසට 1%යි.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img