Wednesday, February 18, 2026
19.8 C
Sri Lanka

විදුලිබිලේ අවසන් තීරණයට දිනයක් දෙයි.

විදුලි ගාස්තු සංශෝධන පිළිබඳ මහජන අදහස් විශ්ලේෂණයෙන් අනතුරුව ජූලි 15 වැනිදා ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බව මහජන උපයොගීතා කොමිසම පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන කළේ, පෙර ලියාපදිංචි වූ විවිධ ක්ෂ්ත්‍ර නියෝජනය කරන නියොජිතයින් 46 දෙනෙකුගෙන් අදහස් ලබාගත් බවය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේදී සිදුකරන විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාවලට අනුව සමස්තයක් ලෙස අඩුවන ගාස්තු ප්‍රතිශතය 13.8%කි.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයට 25.5%ක ගාස්තු අඩුවීමක් සහ ආගමික සහ පුණ්‍යායතනවලට 3%ක අඩුවීමක් සිදුවේ.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලට අනුව හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රයට ගාස්තු අඩුවීමක් යෝජනා කර නැහැ. 

යෝජිත ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0 සිට 30 දක්වා විදුලි ඒකකයක් වෙනුවෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 08 සිට 06 දක්වා අඩු කෙරේ.

ඒකක 31 සිට 60 දක්වා ඒකකයට අය කෙරෙන ගාස්තුව රුපියල් 20 සිට 09 දක්වා අඩුකර තිබේ.

විදුලිබල මණ්ඩලයේ යෝජනාවලට අනුව ගෘහස්ථ විදුලි පාරිභෝජනය තවත් කාණ්ඩ කිහිපයකට වෙන්කර තිබේ.

ඒ අනුව විදුලි ඒකක 60 ට වඩා පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකක 0 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 25 සිට 15 දක්වා අඩුවේ.

ඒකක 61 සිට 90 දක්වා භාවිත කරන ගෘහස්ථ පාරිභෝගිකයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.

විදුලි ඒකක 91 සිට 120 දක්වා පරිභෝජනය කරන විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 30 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති අතර, ඒකක 121 සිට 180 දක්වා භාවිත කරන විදුලි ඒකක වෙනුවෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 50 සිට 42 දක්වා අඩු කෙරේ.

ඒකක 181ට වැඩියෙන් භාවිත කෙරෙන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින්ගෙන් ඒකකයකට අයකෙරෙන ගාස්තුව රුපියල් 75 සිට 65 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img