Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

වසර 26කට පසුව ලැබුන නඩු තීන්දුව.

කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුද දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙනවිත් යම්කිසි සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දැමූ අවස්ථාවේ එකී මිනී මැරීමේ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන්ව සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකු අතරින් විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස් දෙනකු එකී චෝදනාවට වරදකරුවන් බවට උතුරුමැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය තීන්දු කළේය. ඒ අනුව භාරතීපුරම් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් පස් දෙනාට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබීය. විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙසට ද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය තවදුරටත් නියෝග කරනු ලැබීය.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරික්ෂක ආර්.එම්. රණරාජා බංඩාර, උප පොලිස් පරීක්ෂක ජී.එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ. එම්. නිහාල් ප්‍රේමතිලක සහ ආර්.ආර්. සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ටය.

නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියේග කළේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ.එම්. මයුරසේන යන විත්තිකරුවන්ය.

1998 වසරේ ජනවාරි මස 31 දින හෝ ඊට ආසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හිදී මෙම වරද සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණ.

කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංවිව සිටි නිරායුද දෙමළ ජාතික වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට බලහත්කාරයෙන් රැගෙනවිත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් යැයි චෝදනා කරමින් යම් කිසි සන්නද්ධ කණ්ඩායමක් ඔවුන්ට වෙඩි තබා මරා දැමුණි. මිනීමැරීමේ නීති විරෝධී රැස්වීමේ සාමාජිකයන් ලෙස චේතනාන්විතවම මෙම විත්තිකාර පොලිස් නිලධාරීන් සිට ඇති බව අධිකරණ නඩු විභාගයේදී ඔප්පු විය. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ සියලු විත්තිකරුවන් කන්තලේ පොලිස් කොට්ඨාසයට අයත් භාරතීපුරම් පොලිස් ස්ථානයේ සක්‍රිය පොලිස් සේවයේ යෙදී සිටින අතරවාරයේ මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.

මෙම නඩුව මුල් අවස්ථාවේ විභාගයට ගැණුනේ ත්‍රිකුණාමලය මහාධිකරණයේදී වන අතර එවකට පැවැති ත්‍රස්තවාදී උවදුරු නිසා විත්තිකරුවන්ගේ ආරක්ෂාව උදෙසා නඩුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කරනු ලැබීය. ඒ එවකට හිටපු අගවිනිසුරුවරයාගේ නියෝගයක් අනුවය. මෙම ඝාතන සිදුවී වසර 26 කට පසුව ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ වරදකරු කරමින් තමාට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව මහාධිකරණය ප්‍රකාශයට පත් කළ විගස විත්තිකාර භාරතීපුරම් පොලිසියේ ස්ථානාධිපතිවරයා විවෘත අධිකරණයේ විත්ති කූඩුවේ සිටියදී හෘදයාබාධයකින් ඇද වැටුණු අතර ඔහු වහාම සුව සැරිය ගිලන් රථයක් ගෙන්වා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට පොලිස්, බන්ධනාගාර සහ අධිකරණ නිලධාරීන් කටයුතු කරනු අයුරු දක්නට ලැබිණ. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චාන්දනි හටංගල ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img