Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

පාසලේ ප්‍රේමය දරුණු වේ – මුල්ලේරියාවේ 15ක් රිමාන්ඩ්.

පෙම් සබඳතාවයක් මුල් කරගනිමින් කළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනෙක් සහ තරුණියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුල්ලේරියාව පොලිසිය සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

මුල්ලේරියාව ප්‍රදේශයේ පාසැලක නවය ශ්‍රෙණියේ සිසුවියක් සමඟ 10 වන ශ්‍රෙණියේ සිසුවෙක් කලක සිට ප්‍රේම සබඳතාවක් ගොඩනගා ගැනීමට උත්සහ ගෙන තිබු නමුත් සිසුවිය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

දිගින් දිගටම එම සිසුවා ඇයට ඒ සම්බන්ධයෙන් බලපෑම් කිරීම හමුවේ ඇය ඒ පිළිබඳව ඇගේ වැඩිමහල් සොහොයුරෙකුට පවසා තිබෙනවා.

පසුගියදා එම පාසැලේ පැවති ක්‍රීඩා උළෙලට සිසුවියගේ එම සහෝදරයාද පැමිණ තිබු අතර, ඔහු අදාළ සිසුවා හමුවී පවසා ඇත්තේ තම සහෝදරිය තවමත් පාසල් වයසේ පසුවන බැවින් ප්‍රේම සබඳතාවක් ඇතිකර ගැනීම සඳහා ඇයට බලපෑම් නොකරන ලෙසයි.

ඊට උරණ වු සිසුවා දුරකථන ඇමතුමක් ලබාදී සිය මිතුරන් පිරිසක් එම ස්ථානයට ගෙන්වා ගෙන තිබූ අතර පාසල් භූමියෙන් පිටතදී එම පිරිස සහෝදරයාගේ පාර්ශ්වයට පහරදී තිබුණා.

පොලිසිය පැවසුවේ ඔවුන් සිසුවියගේ සහෝදරයින් දෙදෙනෙකුට සහ එක් සහෝදරයෙකුගේ බිරිඳට එලෙස පහරදී ඇති බවයි.

ඔවුන් පහරදෙන අයුරු ජංගම දුරකථනයක සහ CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.

පහරකෑමෙන් තුවාල ලැබු සහෝදරයින් දෙදෙනා සහ කාන්තාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

රෝහල්ගත කළ එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුල්ලේරියාව පොලිසිය අදාළ පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර හෙට දිනයේදි ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img