Monday, March 16, 2026
24.1 C
Sri Lanka

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම, අධිකරණ භූමියේදී ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමටද ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා චෝදනා ලබා සිටී. මේ වන විට රටින් පලා ගොස් සිටින ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් ද නිකුත් කර ඇත. මෙවන් පසුබිමක් තුළ, බස්නාහිර පළාත උතුර අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඊයේ දිනයේදී තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබා දීමත් සමඟ කෙහෙල්බද්දර පද්මේ පිළිබඳව යළිත් කතාබහක් නිර්මාණය වී තිබේ.

පහත දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ඔහු විසින් ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවට සිදු කළ බව කියන ප්‍රකාශයකි.

කෙහෙල්බද්දර පද්මේගේ ප්‍රකාශය

(පොලිස් නිලධාරියාට තර්ජනය කිරීම පිළිබඳව)

“පසුගිය දා පොලිස් නිලධාරියෙකුට මම බැණ වැදුණු බවට එල්ල වන චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. එය සිදු කළේ මම නොවෙයි. ඇත්ත වශයෙන්ම, එම ඇමතුම ලබාගත්තේ මගේ ඉතා සමීප මිතුරෙක්. ඔහු මගේ හෝටලයේ සිටින විටකදීයි එය සිදුවුණේ.

ඒ හෝටලය මගේ පියා සිටි කාලයේ ඉදි කළ එකක්. පොලිසිය එහි ගේට්ටු කඩාගෙන ඇතුළු වී මාස හයක් පුරාවට එය වසා දමා තිබුණා. මේ වන විට මට ‘අපරාධකාරයා’ යන ලේබලය ගසා අවසන්. එසේ වුවත්, මම කිසිවෙකුට බොරු කියන්නේ නැහැ.”

(කටහඬ පරීක්ෂාව සහ නීතියට ගරු කිරීම පිළිබඳව)

“එම චෝදනා ඔප්පු කිරීමට කිසිවක් නැහැ. අවශ්‍ය නම්, ඕනෑම කෙනෙකුට මගේ කටහඬ පරීක්ෂා කර බැලිය හැකියි.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අගෞරව කිරීම මගේ අරමුණ නොවෙයි. නීතිය සාධාරණව ක්‍රියාත්මක වූවා නම්, මම කිසිදු නිලධාරියෙකුට දොස් නගන්නේ නැහැ. රාජකාරිය නිවැරදිව කරන නිලධාරීන්ට මම ඇත්තටම ගරු කරනවා. මට නීතිය සමඟ ගැටෙන්න අවශ්‍ය නැහැ. කෙසේ වෙතත්, කතාබහ අතරතුර නොදැනුවත්ව හෝ රළු වචනයක් පිට වූවා නම්, ඒ සම්බන්ධයෙන් අපේ කණ්ඩායම වෙනුවෙන් මම සමාව ඉල්ලා සිටිනවා.”

(පාතාලයට යොමු වීම සහ අතීතය පිළිබඳව)

“මම පාඨමාලා දෙක තුනක් සම්පූර්ණ කර ව්‍යාපාර කරන්න පටන් ගත්තා. මම ලී මෝලක වැඩ කළා, රතුපස්වල සිද්ධිය කාලයේදී දර ඇද්දා. ඒ දේවල් කියන්න මට ලැජ්ජාවක් නැහැ. අපි ගොඩක් දුක් වින්දා. පසුව නගර සභා පාරවල් කොන්ක්‍රීට් දැමීම වැනි කොන්ත්‍රාත් කළා. අවසානයේ, තාත්තා දුන් ඉඩමක බැංකු ණයක් දමා හෝටලයක් ඉදි කළා. මම මගේ පාඩුවේ සිටින විට තමයි මේ ප්‍රශ්න සියල්ල ඇති වුණේ. දැන් සිදුවූ දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ.”

(වර්තමාන තත්ත්වය සහ අනාගතය පිළිබඳව)

“සිදුවිය යුතු දේ සිදුවී අවසන්. එහි වේදනාව දැනෙන්නේ එයට මුහුණ දුන් කෙනෙකුට පමණයි. මට ඉදිරියට අපරාධ කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. දැන් මට මෙතැනින් එහාට වැටෙන්නට දෙයක් නැහැ.

මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දුන්නොත්, මම කිසිවෙකුට කරදරයක් නැහැ. නමුත් මට යමෙක් පහර දුන්නොත්, මමද ආපසු පහර දෙනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img