Tuesday, November 18, 2025
21.8 C
Sri Lanka

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර බැන වදින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.මෙම සිදුවීම ඊයේ (02) දින රාත්‍රියේ වත්තල පොලිස් වසමේ, කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි රත්නාවලී ආරාමය අසලදී සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.

අදාළ මෙහෙණි ආරාමයේ කඨින චීවර පූජා පිංකම පැවැත්වෙන අවස්ථාවේදී මෙම පුද්ගලයන් දෙදෙනා බීමතින් පැමිණ මෙසේ කලහකාරී ලෙස හැසිරෙමින් තර්ජනය කර ඇති බව වාර්තා වේ.

සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසිය වහාම ක්‍රියාත්මක වී ඇති අතර, ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත සැකකරුවන් දෙදෙනා ඊයේ (02) රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 58 සහ 67 යන වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.
වීඩියෝවේ තොරතුරු අනුව එක් පුද්ගලයෙකුගේ නම ඔගස්ටින්ය.ඔහු පුළුවන්නම් පොලිසියට මාව අල්ලල දීපල්ලා යයි තර්ජනය කරන අයුරු වීඩියෝවේ දැක්වෙන අතර එලෙසම ඔහුව පොලිසියට අල්ලා දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (03) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බැණ වදින වීඩියෝව මෙතැනින් Link

Hot this week

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

Topics

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img