Wednesday, January 28, 2026
18.5 C
Sri Lanka

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට පත් වූයේ අගමැතිනියගේ ප්‍රකාශයක් සමගය. අපේ රටේ ඇත්තේ 21 වතාවක් අණ්ඩ දැමූ ව්‍යවස්ථාවකි. ඒ සෑම විටකම “යහපාලනය, සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය” වැනි අදහස් පෙරටු කරගෙන ආවද, එම සංශෝධනයන් කුමක්ද, ඒවායේ සැබෑ අරමුණ කුමක්ද? යන්න කිසිවෙකුට අවබෝධයක් තවමත් නොපවතී. රටේ පළමු ලිඛිත නීතිය වන ව්‍යවස්ථාව යනු රටේ සෑම පුරවැසියකුටම එක සේ බලපාන නීතියයි. ඒ නිසා එම ව්‍යවස්ථාවට කරන්නා වූ ඕනෑම සංශෝධනයක් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුය.

අපට දැනට දැනගන්නට ඇති ආකාරයට මෙම නව ව්‍යවස්ථාව පිලිබඳ කතාව අගමැතිනිය මාධ්‍යයට ගෙන ඒමට පෙර සිටම, කාටත් හොරා ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය සක්‍රියව පැවතී තිබේ. මෙය සැකසුවේ කවුරුන්ද යන්න සොයාගැනීමට නැතත්, එම ව්‍යවස්ථා කෙටුම්පත https://citizensconstitution.lk නම් අඩවියක ඇති බව අපට වාර්තා වේ.

ව්‍යයවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරත වන ඊනියා බටහිර විද්වතුන් බෝහෝ ස්ථානවල ප්‍රකාශ කරන කරුණක් වන්නේ නවවැනි වගන්තිය ඉවත් කළ යුතු බවයි. ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ නවවන වගන්තිය කිසිදු දිනක කිසිදු අන්‍යාගමිකයකුට හිසරදයක් වී නොමැත. කිතුනු ජනයාගේ ආගමික නායකයා වන අතිඋතුම් කාදිනල් හිමිට අනුව පවා මේ රටේ රටේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කිරීමට නම් බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ ලා සැලකිය යුතු වේ. ඒ අනුව අප ප්‍රශ්න කළ යුතු වන්නේ මෙම නවවන වගන්තිය හිසරදයක් වී ඇත්තේ කාටද, මක්නිසාද යන්නයි.
මෙතෙක් පැවැති ව්‍යුහයන් බිඳ වැටී ව්‍යුහයන් රහිත පශ්චාත් ව්‍යුහවාදී ලෝකයක් තුළ වුවද ආගම තුළ ඇති වටිනාකම තවදුරටත් නොනැසී පවතී. ජනතාව ආගම තුළ ඇති වටිනාකම් මනාව තේරුම්ගෙන ඇත. මෙය ලෝකයේ අනිත් රාජ්‍යයන් සේම ශ්‍රී ලංකාවට ද පොදු වූ කරුණකි. ඒ අනුව වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාවගේ වටිනාකම් සහ ගුණධර්ම මතින් පෝෂණය වූ බුද්ධාගම ප්‍රමුඛස්ථානය ලා සැලකීම වරදක් වන්නේ කෙසේදැයි අපට එම මහත්වරුන්ගෙන් ප්රශ්න කළ යුතුය.

රටක උරුමයන් සුරැකීම රාජ්‍යන් සතු වගකීමකි. එය කිසිදක වරදක් විය නොහැකිය. ඒ අනුව රාජ්‍යක වටිනාකම් සහ උරුමයන් එම මහත්වරුන්ට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට ජනතාව කිසි දිනෙක ඉඩ නොදෙනු ඇත. අප ජනතාවට අවධාරණය කරන්නේ මේ අලුත් කෙටුම්පත ගැන දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img