Friday, December 5, 2025
24.8 C
Sri Lanka

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට මුහුණ දෙන්න දැන් අපිට පුළුවන් – මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය සියයට 20 දක්වා තවදුරටත් අඩුකර තිබේ.

මුලින්ම අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත සියයට 44 ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇමෙරිකානු වෙළෙඳ බලධාරීන් සමග සාකච්ඡා ක්‍රියාවලියකින් පසු එම බදු ප්‍රතිශතය සියයට 30 දක්වා අඩු කර ගත හැකි විය.

මෙසේ මීට පෙර අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ ආනයන මත ප්‍රකාශයට පත්කර තිබූ සියයට 30 ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය ඊයේ (1 දා) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

මේ අතර ඊයේ පාන්දර ඇමෙරිකාවේ ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම තීරුබදු අනුපාත පහත හෙළා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ නව අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය සියයට 20 දක්වා තවදුරටත් සියයට 10කින් පහත හෙළා ඇත.
හමුවකට එක්වෙමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවේ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යොන්‍ය තීරුබදු අනුපාතය සියයට 20 දක්වා තවදුරටත් අඩුකර ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් බවය. ඒ අනුව මෙරට අපනයන සඳහා වන කලාපීය තරගකාරිත්වය පවත්වාගෙන යෑමට හැකියාව ලැබී ඇති බව ද ඔහු කීවේය.

මෙම ජයග්‍රහණය, මේ තීරු බදු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කළ පිරිසගේ කණ්ඩායම් උත්සාහයේ ප්‍රතිඵලයක් බවත් ඒ මගින් ඉතාම හොඳ සංධිස්ථානයකට රටට පැමිණීමට හැකිව ඇති බවත් ඔහු පැවසීය. මෙය ලෙහෙසි පහසු දෙයක් නොවූ බවත් මේ සාකච්ඡා ඇමෙරිකාව විසින් රටවල් ගණනාවක් සමග පැවැත් වූ බවත් ඉතාම සීමිත කාලයක දී අවස්ථාව ලබාගෙන සිදු කළ වෙහෙසකර සාකච්ඡා ක්‍රියාවලියක් හරහා සියයට 44 ක්ව පැවැති තීරු බද්ද මෙසේ සියයට 20 දක්වා අඩුකරගත හැකිව තිබෙන බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේය.

මේ සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් විමලේන්ද්‍ර රාජා සහ ඇමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරුන් මෙන්ම මේ සාකච්ඡා සඳහා අවස්ථාව ලබාදෙමින් සහාය වූ ඇමෙරිකානු වෙළෙඳ පාර්ශ්වයේ නියෝජිතයන්ට ද තමා ස්තුතිවන්ත වන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

මේ සාකච්ඡාවල අරමුණ වූයේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරිත්වය ආරක්ෂා කරගනිමින් අපගේ වෙළෙඳපොළ කොටස ආරක්ෂා කර ගැනීම බව ද ඒ අරමුණ ජයගැනීමට හැකියාව ලැබී ඇති බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

එසේම මේ ඇමෙරිකානු තීරු බදු අඩුකර ගැනීම සඳහා ඇමෙරිකාවේ වෙසෙන ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද අමෙරිකාවෙන් ඉල්ලීම් කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර තීරුබදු මග හැරීමට ප්‍රතිනැව්ගත කර ඇති බවට සැලකෙන සියලුම භාණ්ඩ සඳහා අමතර සියයට 40 ක තීරුබදු පැනවීමට ද ධවල මන්දිරය තීරණය කර තිබෙන බව පැවසේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img