Sunday, September 29, 2024
23.7 C
Sri Lanka

මේ රෝග ලක්ෂණ තිබුණොත් ඉක්මනින් රෝහලකට යන්න.

ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කළ මාස 8ක දරුවෙකු මිය ගොස් ඇත්තේ මෙනින්ගොකෝකල් ආසාදනයකින් ද යන්න සැකයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා ප්‍රකාශ කළේ, අදාළ දරුවාගේ සිරුරු කොටස් මේ වනවිට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවය.

උණ වැළඳීම හේතුවෙන් පසුගිය 25 වැනිදා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ තලාපිටිය, මයිනගොඩ ප්‍රදේශයේ පදිංචි මාස 8ක කුඩා දරුවෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ එම දරුවාගේ මරණය මෙනින්ගොකෝකල් ආසාදනයකින් සිදු වූයේ ද යන්න පිළිබඳව සැකයක් පවතින බවය.

පසුගියදා ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියන්ගෙන් වාර්තාවූ මාරාන්තික “මෙනින්ගොකෝකල්” ආසාදනය බාහිර සමාජයටත් ව්‍යාප්තවී ඇත්ද යන්න වෛද්‍යවරුන් අතර මේවන විටත් පවතින්නේ සැකයකි.

මෙවන් පසුබිමක මියගිය දරුවාගේ සිරුරු කොටස් රජයේ රසායනාගාර වෙත යොමු කර තිබේ.

දරුවාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඊයේ (26) සිදුකෙරුණි.

එමෙන්ම අදාළ නිවස ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකසහිත රෝගයක් ඇත්නම් එය පැතිරීම වළක්වා ගැනීමට නිවැසියන්ට උපදෙස් ලබාදී තිබේ.

අදාළ නිවසේ පිරිස් ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට නිරාවරණය වී නොමැති බව එහිදී තහවුරු කරගෙන තිබේ.

තද උණ, හිසරදය, බිබිලි මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා, වමනය වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලකට ඇතුළත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img