Wednesday, May 6, 2026
24.9 C
Sri Lanka

15 දැරිය දරුවකු වැදූ සිද්ධිය කරාපිටිය විශේෂඥ වෛද්‍යවරයෙක් යට ගහයි.

බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

දරුවා බිහි කළ මව වයස අවුරුදු 15ක් වූ බණ්ඩාරගම, රජ්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14 දී වන අතර, ඇය විසින් බිහි කළ දරුවා අඩු බර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමු කර ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි. ෝ

ඔහු වාට්ටුවේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් පවසා ඇත්තේ එම ළමා මව සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බවයි. ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා විසින්ම පසුගිය සෙනසුරාදා (26) මෙම ළමා මව සහ බිලිඳා බලහත්කාරයෙන් වාට්ටුවෙන් ඉවත් කරගෙන ගොස් ඇත.

ළමා මව සහ බිලිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ හෙද නිලධාරින් හා නිලධාරිනියන් පවසන්නේ ළමා මව බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයාට එම වාට්ටුවේ රෝගින් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්තේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙදියට බවත් ඔවුන් පෙන්වා දෙයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img