Monday, September 30, 2024
23.1 C
Sri Lanka

15 දැරිය දරුවකු වැදූ සිද්ධිය කරාපිටිය විශේෂඥ වෛද්‍යවරයෙක් යට ගහයි.

බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී එය සැඟවීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි වාර්තා වෙයි.

දරුවා බිහි කළ මව වයස අවුරුදු 15ක් වූ බණ්ඩාරගම, රජ්ගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14 දී වන අතර, ඇය විසින් බිහි කළ දරුවා අඩු බර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමු කර ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි. ෝ

ඔහු වාට්ටුවේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් පවසා ඇත්තේ එම ළමා මව සම්බන්ධයෙන් නීත්‍යනුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බවයි. ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා විසින්ම පසුගිය සෙනසුරාදා (26) මෙම ළමා මව සහ බිලිඳා බලහත්කාරයෙන් වාට්ටුවෙන් ඉවත් කරගෙන ගොස් ඇත.

ළමා මව සහ බිලිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ හෙද නිලධාරින් හා නිලධාරිනියන් පවසන්නේ ළමා මව බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයාට එම වාට්ටුවේ රෝගින් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්තේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙදියට බවත් ඔවුන් පෙන්වා දෙයි.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img