Friday, October 4, 2024
28.6 C
Sri Lanka

ලෝක වෙළෙඳපොල ගෑස් මිල ඉහලට.! මෙම මස දේශීය ගෑස් මිලත් රු. 900/= කින් ඉහල යන ලකුණු.

LP ගෑස් කියන්නේ, ලෝකයේ ජනගහනයෙන් විශාල පිරිසක් තමන්ගේ එදිනෙදා කාර්‍යයන් පහසු කරගන්න වගේම, තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්නත් භාවිතා කරන පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක්. නමුත් පසුගිය කාලය මුළුල්ලේම ලෝක ගෑස් මිල අවස්ථා ගණනාවකදීම ඉහළ ගිය බව ඔබ දන්නවා ඇති. වර්තමානය වෙනකොට ලෝක ගෑස් මිල ඉහළ ගොස් තිබෙන්නේ කුමන අගයකින්ද? මේ ආකාරයට ගෑස් මිල ඉහළ යාමට බලපාන සාධක මොනවාද? ඉතින් ලංකාවේ ඉන්න අපි ලෝක ගෑස් වෙළදපළ ගැන නොදන්නා තොරතුරු රැසක් අද ලිපියෙන් අරගෙන එන්නට සූදානම්.

2023 වසරේ අගෝස්තු මාසයේ වාර්තා වුන විදියට ඇමරිකාවේ ගෑස් ගැලුන් එකක මිල සදහන් වුනේ ඩොලර් 3.86 ක් විදියටයි. නමුත් ඊට පෙර සතියේ ගෑස් මිල වාර්තා වී තිබුනේ ගෑස් ගැලුන් එකක මිල ඩොලර් 3.85 ක් විදියටයි. බොහොමයක ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ 2022 වසරේ අවසාන මාස හය තුලදී ලෝක වෙළදපලේ ගෑස් මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වූවත්, මෙම වසර තුල ගෑස් මිල ඉතා ඉහල අගයකින් වැඩි වැඩි වීමට නියමිත බවයි. සාමාන්‍යයෙන් වර්ෂයක් තුල වැඩිවෙන ගෑස් මිලට් වඩා 22% ක වැඩි වීමක් මෙම් වසර මැද සිදු වී ඇති බව ආර්ථික විශේෂඥයන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා. ඒ හෙයින් දේශීය ගෑස් වෙළෙඳපොල මිල රු .900/= ක් වැනි ඉතා ඉහළ අගයකින් වැඩි වීමට ඉඩ කඩ පවතිනවා.

මේ විදියට විශාල වශයෙන් ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහළ යාමට හේතු කිහිපයක්ම තිබෙනවා. 2023 වසරේ ජුනි මාසයෙන් පසු ගෑස් මිල ඉහළ යාමට බලපෑ ප්‍රධානතම කාරණය වුනේ ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා ලෙස ඔබ අප කවුරුත් දන්නා සවුදි අරාබිය 2023 ජුනි මාසය දක්වා දිනකට තෙල් නිෂ්පාදනය අවම වශයෙන් බැරල් මිලියනයකින් අඩු කරන බව පැවසීමෙන් පසුවයි. ඉතා මෑතක දී , එනම් 2023 ජුනි මස මුලදී ලෝක වෙළෙඳපොල ගෑස් මිල ඉහළ යාමට එය ඍජුවම බලපෑවේය. එම කප්පාදුව දිනකට සමස්ත තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 1.6 කින් අඩු කරන බවට සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, නයිජීරියාව වැනි ඛනිජ තෙල් අපනයනය කරන රටවල් විසින් ඇති කරගත් ඔපෙක් (OPEC) සංවිධානය නිවේදනය කළේය. ඔපෙක් (OPEC) සංවිධානය, එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට අනුව, ගෝලීය බොරතෙල් සැපයුමෙන් දළ වශයෙන් 40% ක් පමණ සාමූහිකව සපයයි.

OPEC සංවිධානය ජුනි 4 වෙනිදා නිවේදනය කලේ ඔවුන් 2024 වසර අවසානය වන විට දිනයකට තවත් බැරල් මිලියන 1.4 ක් නිෂ්පාදනය කිරීම නවත්වා දමන බවයි. මෙම කාරණා නිසා බොර තෙල් ආශ්‍රිත නිෂ්පාදනයක් වන ගෑස් මිල මෙම මාසයේදී මිල රු .900/= කින් ඉහල යනු ඇති බවට බොහෝ දෙනෙක් මත පළ කර තිබෙනවා.

එමෙන්ම චීනය විසින් කොවිඩ් 19, සීමා ඉවත් කිරීමෙන් පසුව ඔවුන්ගේ ආර්ථිකය විවෘත කිරීමත් ගෑස් මිල ඉහළ යාමට බලපෑ තවත් එක් කාරණයක් වුනා. 2020 වසරේ සිටම චීනය විසින් ඉතා දැඩි ලෙස කොවිඩ් 19 සීමා අනුගමනය කල අතර එයින් අනතුරුව බිලියන 1.4 ක් වූ ජනතාව නැවතත් තමන්ගේ දෛනික ජීවන රටාවට හුරු වීමත් සමගම ගෑස් ඉල්ලුම වැඩි වී අතර මේ නිසාම ගෑස් මිල ඉහල යාම සිදු වී තිබුනා.

ඇමරිකාව තුල වේගයෙන් ඉහල යන උද්ධමනය, යුක්‍රේන සහ රුසියා යුද්ධය යන කාරණා දෙකත් ලෝක වෙළදපලේ ගෑස් මිල ඉහළ යාමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් බවට පත් වී තිබෙනවා. ඇමරිකාව, රුසියාවට විරුද්ධව පනවා ඇති ආර්ථික සම්බාධකත් මෙම කාරණයට හේතු වී තිබෙනවා. ඒ අනුව මෙම සියලුම හේතූන් වල සාරාංශයක් ලෙස ලෝක වෙළදපලේ ගෑස් මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර එය තව දුරටත් ඉහළ යාමේ අවධානමක්ද තිබෙනවා.ආර්ථික විශ්ලේෂකයි පවසන ආකාරයට දේශීය ගෑස් වෙළෙදපල මිල අවම වශයෙන් රු.900/= ට වැඩි අගයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බවට තව දුරටත් සඳහන් කර තිබෙනවා.

ඉතින් අද ලිපියෙන් කතා කලේ දිනෙන් දින ඉහළ යන ලෝක ගෑස් මිල සහ එයට බලපාන හේතු පිළිබදවයි. නැවතත් මෙවැනිම ලිපියකින් ඔබ හමුවෙන තුරු සුබ දවසක්!

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img