Saturday, January 31, 2026
24.8 C
Sri Lanka

ආයෙමත් අලුතින් මුහුණුවරකින් එන QR කේතය.

ජාතික ඉන්ධන අවසර පත් ‘කිව්ආර්’ ක්‍රමවේදය ඉදිරියේ දී තවත් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් සමඟ වැඩිදියුණු කර දත්ත එක්කිරීම සහ දත්ත විශ්ලේෂණය වෙනුවෙන් භාවිත කරන මෙවලමක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ, කිව්ආර් ක්‍රමවේදය පසුගිය වසරේ හදුන්වාදීමේ අරමුණ වූයේ, ඒ අවස්ථාවේ පැවති ඉන්ධන අර්බුදය සහ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස පැවති සම්පත් කළමනාකරණය කරමින් බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීමට බවයි.

එමඟින් පැවති සමාජයීය සහ ආර්ථික ගැටලු කළමනාකරණය කර, ඇතිව තිබූ අර්බුදයන් අවසන් කිරීමටත් ජන ජීවිතය ස්ථාවර කර ගැනීමටත් හැකිවූ බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පෙරේදා දින වන විට කිව්ආර් ක්‍රමවේද පද්ධතියේ ලක්ෂ 65ක් ඉක්මවූ පිරිසක් සහ රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචිය සහ එම පද්ධතිය හරහා ඉන්ධන බෙදා හැරීමේ ගනුදෙනු ලක්ෂ 3,500ක් ඉක්මවා සිදුකර තිබේ.

කිව්ආර් කේතය තවදුරටත් අවශ්‍ය නොවන්නේ, පසුගිය කාලය තුළ රජය විසින් ගත් ප්‍රතිපත්ති තීරණ, හඳුන්වාදුන් ඉන්ධන මිල සූත්‍රය, ඉන්ධන වෙළෙඳපොළට නව බෙදුම්කරුවන් එකතු වීම යන කරුණු මඟින් ඉන්ධන ආනයනයට අවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් කළමනාකරණය වී ඇති බැවින් බව කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, සැප්තැම්බර් මස පළමු වන දින සිට ඉන්ධන මිල ඉහළ දැමීම සමඟ එළවළු ගොවීන් ද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටී.

ගොවීන් පෙන්වා දෙන්නේ, මේ වනවිට එළවළු මිල පහත වැටී ඇති බැවින් ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමඟ තවදුරටත් තමන් ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

මේ අතර, ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඉහළ දැමුණු බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබේ.

ඩීසල් මිල ඉහළ යාමත් සමඟ සියයට 04කින් බස් ගාස්තු ඉහළ දැමීමට තීරණය කෙරුණු අතර, අවම බස් ගාස්තුවේ සංශෝධනයක් මෙවර සිදුනොවන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව සඳහන් කළේය

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img