Friday, January 30, 2026
20 C
Sri Lanka

තැන්පත්කරුවන් 33,000කගේ රුපියල් කෝටි 105ක් අතුරුදන්.

මහරගම විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමිය බැංකු 11ක තැන්පත්කරුවන්ගේ මුදල් එහි නිලධාරීන් විසින් වංචා කර ඇතැයි ගනුදෙනුකරුවන් චෝදනා කරනවා.

මෙලෙස වංචා කර ඇත්තේ තැන්පත්කරුවන් 33,000කගේ රුපියල් කෝටි 105කට අධික මුදලක් බවයි වාර්තා වන්නේ.

මෙම තැන්පත් මුදල්වලින් රුපියල් කෝටි 25ක් පමණ ණය වශයෙන් ලබා දී ඇති අතර ඉතිරි කෝටි 80ක් පමණ වන තැන්පත් මුදල් බැංකුවල නැති බවයි පැවසෙන්නේ.

ණය වශයෙන් ගෙවා ඇති රුපියල් කෝටි 25ක මුදලින් රුපියල් කෝටි 17ක ණය කාල සීමාව ඉකුත් වී තිබෙන අතර විවිධ සේවා සමූපකාර සමිතියේ මූලස්ථාන ගොඩනැඟිල්ල ද උගස් කර රුපියල් තුන් කෝටි තිස් පන් ලක්ෂයක ණය මුදලක් ගෙන ඇති එහි නිලධාරීන්, මාදිවෙල ඇති ඉඩමක් ද උගස් කර ඇතැයි වාර්තා වෙනවා.

තවද, රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුව ද ඇපයට තබා රුපියල් හත් කෝටි අනූ අට ලක්ෂයක ණයක් ද මෙම නිලධාරීන් විසින් ලබාගෙන ඇති බව ද, මෙම මුදල්වලට සිදු වුයේ කුමක්ද යන්න සොයා බලන ලෙසත් ගනුදෙනුකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img