Friday, January 30, 2026
22.4 C
Sri Lanka

ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වෙද්දි ලිට්රෝ සමාගම ගෑස් මිල ගැන අද දින ගත් තීරණය.

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,127කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ලිට්රෝ සභාපති මුදිත පිරිස් මහතා වැඩි දුරටත් අදහස් පල කරමින් කියා සිටියේ ලෝක වෙළඳ පොලේ ගෑස් මිල රු 1000කට ආසන්න ගණනකින් ඉහල ගොස් ඇති බවත්, මිල ඉහළයාම කලින්ම හදුනාගෙන පෙර මාස කිහිපය තුල වැඩිපුර ගෑස් තොග ඇනවුම කල නිසා අද දින කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු 145ක පමණ අවම මුදලකින් පමණක් වැඩි කිරීමට හැකියාව ලැබුන බවයි.

අවසාන අප්‍රේල් මාසයේ රු. 1005කින් ගෑස් මිල පහත දෑමු අතර, මැයි මාසයේ දී රු.100කින් මිල අඩු කරනු ලැබුවා, නැවතත් ජුනි මාසයේදී රු.452කින් මිල අඩු කල අතර, ජුලි මාසයේදී රු. 204කින් ගෑස් මිල පහල දමනු ලැබුවා, අගෝස්තු මාසයේ ලෝක වෙළඳපොලේ මිල වැඩි වුවත් ලිට්රෝ සමාගම කිසිදු මිල වැඩි කිරීමක් සිදු කරනු ලැබුවේ නෑ. ඒ අනුව අවසාන මාස 5ක කාලය තුල දේශීය ගෑස් මිල රු. 2000කට ආසන්න අගයකින් මිල අඩු කර තිබෙනවා.

ලෝක වෙළද පොලේ මිල මෙලෙස විශාල ගණනකින් ඉහල ගියත් ලිට්රෝ සමාගමේ නිසි කළමනාකාරිත්වය සහ එම කාර්යමණ්ඩලයේ කැපවීම නිසා ලෝක වෙලදපොලේ ඉහල යන මුළු මුදලම ජනතාවගෙන් වැඩි නොකර ජනතවට සහනයක් සැලසීමට හැකිවී තිබෙන බවත් මුදිත පිරිස් මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශකර සිටියා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img