Wednesday, January 28, 2026
17 C
Sri Lanka

නම වෙනස් කරන සුදානම් ඉන්දියාව.

ඉන්දියාවේ නම වෙනුවට භාරතය යන වදන භාවිත කරමින් ඉන්දීය ජනාධිපති සහ අගමැතිවරයා නිකුත් කළ ලිපි කිහිපයක් හේතුවෙන් ඉන්දියාව තුළ ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

ඒ නුදුරේදීම ඉන්දියාවේදී ආරම්භවීමට නියමිත G20 රාජ්‍ය නායක සමුළුවේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ආරාධනා පත් යැවීමේදී, එරට ජනාධිපතිනී ද්‍රවුපදී මුර්මු, භාරතයේ ජනාධිපතිනිය ලෙස දක්වා යැවූ අවසර පත්‍රයක් මුල් කරගෙනය.

නිල උත්සවයක් සඳහා ඉන්දියාව වෙනුවට භාරතය යන යෙදුම භාවිත කළ පළමු අවස්ථාව මෙය වේ.

ඉන් අනතුරුව සිය ඉන්දුනීසියානු නිල සංචාරය නිවේදනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පළකළ සටහනේ ද දැක්වුණේ භාරත අගමැතිවරයාගේ ඉන්දුනීසියානු සංචාරය ලෙසය.

භාරතය යන වදන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු ව්‍යවස්ථාවේ ද සඳහන්ව ඇති අතර, එහි දැක්වෙන්නේ ඉන්දියාව යනු භාරතය බවය.

මේ අතර රටේ නම, භාරතය ලෙස වෙනස් කිරීම සඳහා වන කෙටුම්පතක්, ලබන 18 සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඉන්දිය පාර්ලිමේන්තු විශේෂ සැසිවාරය අතරතුර සාකච්ඡාවට ගැනීමට නියමිත බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img