Thursday, January 29, 2026
15.2 C
Sri Lanka

ගුරුවරු 500ක් නීතියට පිටින් රට ගිහින්

ගුරුවරු පන්සිය දෙනෙක් පමණ මේ වන විට නීත්‍යනුකූල අනුමැතියකින් තොරව විදෙස් ගත වී සිටින බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පස් වසරකට නිවාඩු ගෙන විදෙස් රැකියා සඳහා යාමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබෙන සහනය යටතේ මෙම ගුරුවරු අයැදුම්කර ඇති නමුත් ඔවුන්ට ඒ සඳහා අනුමැතිය ලබා දී නැත. අනුමැතිය ලබා ගැනීමට නොහැකි වී ඇති නමුත් විදෙස්ගත වීමට අවශ්‍ය අනෙකුත් සියලු කටයුතු අවසන් කර තිබී ඇති හෙයින් ඔවුන් විදෙස් ගත වී ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. එලෙස විදෙස් ගතව සිටින බස්නාහිර පළාතේ ගුරුවරුන් සංඛ්‍යාව සියයකට ආසන්නය.

නිවාඩු ලබා ගෙන විදෙස් ගතවීමට සියලු රජයේ සේවකයන්ට ඇති අවස්ථාව ගුරුවරුන්ට නොලැබීම අසාධාරණයක් යැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පැවසීය. පවතින තත්ත්වය මත තවත් ගුරුවරුන් විදෙස්ගත වීමට සැලසුම් කරමින් සිටින බවත් එය පද්ධතියට බරපතළ තත්ත්වයක් බවත් ඒ මහතා කීවේය.

විදෙස්ගත වන සෑම නිලධාරියකුම මෙරට බැංකු පද්ධතිය හරහා විධිමත්ව තමන්ගේ නමින් ආරම්භ කරන ලද එක් අනේවාසික විදේශ මුදල් ගිණුමකට මාසිකව මුදල් ප්‍රේෂණය කළ යුතුය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img