Thursday, January 29, 2026
15.8 C
Sri Lanka

මහ වන මැද තනිවූ දරුවන් තිදෙනා මව් සෙනෙහස සොයයි.

මව විදේශගතවීමත් පියා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමත් හේතුවෙන් කිසිවෙකුගේ හව්හරණක් නොමැති දරු තිදෙනෙකු පිළිබඳව කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයෙන් ‘අද දෙරණට’ වාර්තා විය.

දරුවන් පාසල් යන වියේ පසුවූවත් ඔවුන්ට එයද අහිමිවී ගොස් තිබේ.

යම් සිදුවීමක් හේතුවෙන් දරුවන්ගේ පියා ජීවිතාන්තය දක්වා සිරභාරයට පත්වීමත් සමග දරුවන් ජීවත්කරවීමේ වගකීම පැවරී ඇත්තේ මවට ය.

ඒ අනුව ඇය විදෙස්ගත වීමට තීරණය කර ඇත්තේ සිය මෑණියන්ට දරුවන්ගේ වගකීම පවරමිනි.

පසුව ඇය රැකියාවක් සඳහා කුවේට් රාජ්‍ය බලා ගොස් ඇත.

කෙසේ නමුත් දින කිහිපයක් ගතවීමත් සමගම ඇයගේ මව දරුවන් තනිකර යෑම හේතුවෙන් දරුවන් තිදෙනා ට කුරුණෑගල පොතානේගම පහළ ගිරිබාව ප්‍රදේශයේ මහ වන මැද කටුමැටි ගැසූ කුඩා නිවසක තනිවම දිවි ගෙවීමට සිදුවී තිබේ.

මාපියන් නොමැතිව මෙම නිවසේ තනිවන්නේ, වයස අවුරුදු 14ක්, 05ක් සහ 07ක් යන වයස්වල දරුවන් තිදෙනාය.

මෙවැනි තත්ත්වයක් තුළ සිය බාල සහෝදරිය සහ සහෝදරයාගේ කුස පුරවන්නේ තමන්වද බලාගත යුතු වයසක පසුවන පවුලේ වැඩිමහල් දරුවාය.

“කොහුබත් වේලන ස්ථානයක වැඩ කරනවා. හැමදාම වැඩ නැහැ.. වැස්ස නිසා” ඔහු පැවසීය.

මෙම අසරණ දරුවන් තිදෙනාගේ මවගේ එකම ඉල්ලීම වන්නේ ඇයව නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසය.

ඇය සිය දරුවන් සමග දුරකථනය ඔස්සේ මෙලෙස අදහස් හුවමාරු කරගෙන තිබුණි.

“අඬන්න එපා …අඬන්න එපා… පුතා. අඬන්නේ නැතුව ඉන්න. අම්මා ඉක්මණට එන්න බලන්නම්.”

මේ මවකගේ ආදරණීය ඉල්ලීමකි.

මෙම දරුවන්ට පිහිටක් වන්නට ඔබට හැකියාවක් තිබේ නම් හෝ ඔවුන්ගේ මව මෙරටට ගෙන්වා ගැනීමට මැදිහත්වීමට හැකි නම් 077 341 6157 දුරකථන අංකය ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img