Wednesday, January 28, 2026
16.5 C
Sri Lanka

මාස දෙකක් තුළ ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන්න සාකච්ඡා.

ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මේ අතර ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව ඇති අතර පිරවුම්හල් 61 ක් ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා අනාවරණ කළේය.

ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාතර පැවති බලමණ්ඩල රැස්වීමකදී අමාත්‍යවරයා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරලා ඊළඟ මාස දෙක ඇතුළේ සම්පූර්ණයෙන්ම කෝටා ක්‍රමය අවසන් කරන්න පුළුවන් ද කියන තීන්දුව ගන්න. හැම මාසයේම මිල සංශෝධනයක් වෙනවා. ඉදිරි සතියේ පළමු සතිය ඇතුළේ අපි ඉන්ධන මිල සංශෝධනය කරනවා. මිල සංශෝධනය කරන එකට ඉන්ධන පිරවුම්හල් තියෙනවා කිහිපයක් හැමදාම ඉන්ධන තොග තියාගන්නේ නැතුව ඉන්නවා. සමහරු ඇනවුම් කරන්නේ නෑ. මම ඊයේ බැලුවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් 1,200න් පිරවුම්හල් 101ක් පෙට්‍රල් තොග තියා ගන්න ඕනේ ප්‍රමාණය තියාගන්නේ නෑ. ඉන්ධන පිරවුම්හල් 62ක් අද උදේ බලද්දි ඩීසල් ප්‍රමාණවත් තොග තියාගෙන නැති. අපි පහුගිය මාසයේ ඉන්ධන පිරවුම්හල් 4ක් අපි පවරා ගත්තා. තොග තියාගෙන යන්නේ නැති නිසා. මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කිව්වා ඇනවුම් කරලා තොග පවත්වාගෙන යන්නේ නැතුව ජනතාව අපහසුතාවට පත් කළොත් කවුරු වුණත් කමක් නෑ පිරවුම්හල පවරා ගන්න.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img