Saturday, January 31, 2026
20.6 C
Sri Lanka

දුම්රිය ධාවනය ගැන අලුත්ම තත්ත්වය.

අද (13) උදෑසන කාර්යාල දුම්රිය ගමන් වාර 40ක් පමණ ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

කොළඹ කොටුව දක්වා උදෑසන දුම්රිය ගමන් වාර 15ක් සහ පුත්තලම් මාර්ගයේ සිට කොළඹ දක්වා උදෑසන දුම්රිය ගමන්වාර 04ක් ද ධාවනය කිරීමට නියමිතය.

කැලණිවැලි මාර්ගයේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර 4ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 17ක් ධාවන කෙරෙනු ඇත.

දුර පළාත්වල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද සහිතව කාර්‍යාලය සේවය සඳහා ගමන් ගන්නා මගීන් වෙත ගමන් වාර යෙදවීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා,

“දුම්රිය රියදුරන් විසින් ඊයේ දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් රියදුරන්ගෙන් කොටසක් මේ වනවිට රාජකාරියේ නිරතවන නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අද දිනයේ දුම්රිය ගමන්වාර 50ක් පමණ ක්‍රියාත්මක කරලා තියෙනවා උදෑසන කාලයේ. ඔවුන් වර්ජනය කොපමණ දිනයක් ක්‍රියාත්මක කරනවා ද කියලා හරියට තොරතුරු ලබාදීලා නැති නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දින වර්ජනය අවසන් කරලා සේවයට වාර්තා කරයි කියලා. නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.”

මේ අතර දුම්රිය සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (12) පස්වරුවේ නිකුත් කර ඇත.

මඟින් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා, දුම්රිය මාර්ග මඟින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් ආරම්භකර ඇති වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.

දුම්රිය රියදුරන් 84 දෙනෙකු විසින් මෙම වර්ජනය පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරුණි.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා පවසන්නේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම මඟින් තම වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බවය.

මේ අතර කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය කෙරුණු දුම්රියකින් ගමන් කරමින් සිටි මඟියෙකු බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී ඉන් ඇදවැටී තුවාල ලබා තිබේ.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ තදබදය හේතුවෙන් පාපුවරුව මත ගමන් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බවය.

දුම්රියෙන් වැටී තුවාල ලැබූ මගියා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

දුම්රියෙන් ඇද වැටීමෙන් තවත් මඟියෙකු ඊයේ පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණි.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය තුළ ඇතිවූ දැඩි මගී තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත ගමන් කල පුද්ගලයෙකු හොරපෙ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වුණි.

මෙම  සියලුම මරණවල වගකීම වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති විසින් දැරිය යුතු බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img