Sunday, February 1, 2026
20 C
Sri Lanka

පිළිකා හැදෙනවා,දවසට රෝගීන් 100ක් එනවා – මේවා කන්න එපා – වෛද්‍යවරු කියයි.

ක්ෂණික ආහාර, විවිධ බීම වර්ග වැනි දෑ ලබාගැනීම හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වය වර්ධනය වන බවත් දිනකට නව පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනෙන බවද ජාතික පිළිකා වැඩසටහන සදහන් කරයි.

පසුගිය 2020 වසර දක්වා සිදුකළ සමීක්ෂණවලට අනුව එක් දිනකට පිළිකා රෝගීන් 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගන්නා බවත් වසරකට පිළිකා රෝගීන් 35,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවද ජාතික පිළිකා වැඩසටහන සදහන් කරයි.

මුඛ ආශ්‍රිත පිළිකා, ශ්වාසනාල සහ පෙනහළු ආශ්‍රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව ඇති වන පිළිකා පිරිමි පුද්ගලයන් අතර බහුලව ඇති වන බවත් පියයුරු පිළිකා කාන්තාවන් අතර වැඩිවශයෙන් දක්නට ලැබෙන බවද එම වැඩසටහන සදහන් කරයි.

තවද තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, ගර්භාෂය ආශ්‍රිත පිළිකා සහ ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා කාන්තාවන් අතර දක්නට ලැබෙන බවත් විවිධ ආලේපන වර්ග භාවිතයෙන් සමෙහි ඇති වන රෝගී තත්ත්වයන් කාන්තාවන් අතර බහුලව පිළිකාව ඇතිවීමට හේතුවක් වී ඇති බවද එම වැඩසටහන සදහන් කරයි.

පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවක් පවතින බවත් අවුරුදු 19ට අඩු දරුවන් අතරත් පිළිකාව ව්‍යාප්ත වන බවක් දක්නට ලැබෙන බවත් වසරකට ළමුන් 750ත් 800ක් වැනි පිරිසක් පිළිකා රෝගීන් බවට ගොදුරු වන බවද වෛද්‍යවරුන් සදහන් කරයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img