Sunday, February 1, 2026
19.8 C
Sri Lanka

එන්නත් වර්ග 08ක් ගැන නියෝගයක්..

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති  පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඔක්තෝබර් මස 02 වනදා ගොනු කරන ලෙස අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට නියෝග කර තිබේ.

පෙත්සම්කරුවන් පවසන්නේ අදාළ පෞද්ගලික දේශීය සමාගම විසින් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිත කරනු ලබන එන්නත් වර්ග 8ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවය.

එම අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබාදීමට පෙර එය මාස 06ක් “සුපරීක්ෂණ කාලයකට” යටත් කළ යුතු වුවද මේ සඳහා අනුමැතිය ලබාදීමේදී නීතිමය ප්‍රතිපාදන අනුගමනය කර නොමැති බව පෙත්සම්කරුවන් පෙන්වාදෙයි.

ඒ අනුව මෙම එන්නත් වර්ග වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් ඇති වියහැකි හානිය වළක්වා ගැනීම සඳහා  පෙත්සම සලකා බැලීමට කඩිනම් දිනයක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් සිදුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සදහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img