Tuesday, February 3, 2026
18.8 C
Sri Lanka

දැරියන්ගේ නිරුවත් ඡායාරූප විකිණූ චීවරධාරියා කොටුවෙයි.

කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය සමූහයන් තුළ අලෙවිවන බවට ලැබුණු තොරතුරක් සම්බණ්ධයෙන් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

නූතන තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ රාගම අවට ස්ථානයක සිට කිසිවෙකු විසින් මෙලෙස කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන ඇතුළත් රූපරාමු තොග වශයෙන් අලෙවි කිරීමෙහි නිරත වන බවය.

ඔහු ඒ සඳහා මුදල් ලබාගන්නේ ක්‍රිප්ටෝ කරන්සි ක්‍රමයෙන් බවද විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඊයේ දිනයේදී විමර්ශන නිලධාරීන් රාගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී හෙලිවී ඇත්තේ මෙම ජාවාරම මෙහෙයවන්නේ ප්‍රදේශයේ විහාරස්ථානයක සිට බවය.

අනතුරුව අදාළ විහාරස්ථානය පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ එහි සිටි 19 හැවිරිදි චීවරධාරියෙකු විසින් මෙම ජාවාරම සිදුකර ඇති බවය.

මාස 7 සිට අදුරුදු 18 දක්වා දෙස් විදෙස් කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන 1500ක් පමණ සැකකරු භාවිත කරන පරිඝනයකයේ තිබී විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඒ අතරින් සියයට 80ක් පමණ වයස අවුරුදු 10ට අඩු දැරියන්ගේ බව අනාවරණය වී තිබේ.

සමාජ මාධ්‍ය ජාල සහ විවිධ යෙදවුම්වලට වෙනත් පුද්ගලයින් මුදාහරින කුඩා දැරියන්ගේ නිරුවත් දර්ශන තමා අලෙවි කළ බව සැකකාර චීවරධාරියා පිළිගෙන තිබේ.

සැකකාර චීවරධාරියා අදාළ වීඩියෝ පට අලෙවි කරන මුදල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට බැරකරගෙන ඇති අතර, බැංකු ගිණුමේ හිමිකරුට පවසා ඇත්තේ තමන් සුළු ව්‍යාපාරයක් ලෙස ග්‍රාෆික දර්ශන සකසා අලෙවි කරන මුදල් ඊට බැරවන බවය.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img