Wednesday, February 4, 2026
23.8 C
Sri Lanka

පොහොර මිල දී ගන්න රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලට.

මෙවර මහ කන්නයට පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම මුදල් හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබාදීමට නියමිත බවය.

එම මුදලින් ගොවින්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකියාව ලැබේ.

ඊයේ (20) දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

එහිදී සභාපතිවරු විසින් එක් එක් දිස්ත්‍රික්කවලට ඇති ගොවි ගැටලු ප්‍රකාශ කර ඇති අතර රජය වශයෙන් එම ගැටලු විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

මේ වනවිට පොහොර සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිලි කළ අමාත්‍යවරයා බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද සඳහන් කර තිබේ.

එමෙන්ම මෙවර ද යුරියා පොහොර මිටියක් රුපියල් රුපියල් 9000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මඟින් ලබාදෙන අතර එම මිලටම යුරියා පොහොර ගොවීන් වෙත ලබාදීමට පුද්ගලික අංශය ද එකඟත්වය පළ කර ඇත.

මෙහිදී අදහස් පළ කළ ගොවි නියෝජිතයින් වී සඳහා උපරිම මිලක් ලබා දෙන ලෙසත්, ගොවි ජනතාවට සහනාධාර අවශ්‍ය නැති බවත් ප්‍රකාශ කර තිබේ.

සියලුම ගොවි සංවිධාන එක තීරණයක් ගෙන පොහොර සහනාධාරය අවශ්‍ය නොමැතිබව ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් යොදවා වී මිල දී ගැනීමටත්, වී සඳහා ඉහළම මිලක් ලබා දීමටත් හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img