Wednesday, February 4, 2026
19.6 C
Sri Lanka

මාරු වූ කවරයෙන් හෙළි වූ අනියම් පෙම් හුටපටය.

කොට්ටය යට තිබූ රියදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකයෙන් බිරිඳගේ අනියම් පෙම්වතා අල්ලාගත් සැමියකු පිළිබඳව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

කතාව මෙසේය.

මව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා යෝජිත විවාහයක් සිදුකරගත් තරුණ යුවළක් සිටියහ. සැමියා නිවුණු ගති පැවතුම් ඇති කඩවසම් අයෙකු වූ අතර බිරිඳ කෙලිලොල් හැඩකාරියක වූවාය.

මව්පියන් විසින් ඉදිකර දෙනු ලැබූ නව නිවසක නව යුවළ ජීවත් වූ අතර දායාද ලෙස ස්කූටරයක් දීමට ද තරුණ බිරිඳගේ මව්පියෝ කටයුතු කළහ.

සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් කළ බැවින් නිවසට පැමිණියේ සති දෙකකට වරක් පමණි.

ස්කූටරයේ නැගී ගමන් යන තරුණ මනමාලිය දෙස ගමේ බොහෝ දෙනාගේ අවධානයද යොමු විය. පුංචි පවුලට අලුත් සාමාජිකයෙකු එකතු වූ අතර පසුව තරුණ සැමියාට බිරිඳගේ සහ දරුවාගේ අවශ්‍යතා වෙනුවෙන් වැඩිපුර වැඩ කිරීමට සිදු විය.

මාසයකට වරක් පමණක් දින කිපයකට නිවසට එන සැමියා නැවත අගනුවර බලා යන්නේය.

ගෙදර අඩු පාඩු සපුරා ගැනීමට නගරයට යන එන තරුණ බිරිඳ නගරයේදී හඳුනාගත් තරුණයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේ සැමියාගේ දෙමව්පියන්ට ද රහසේය. ඔහු සැමියා නැති දිනවල නිවසට විත් රැය පහන් කළේය.

කාලය ගතව යද්දී ලේලිය පිළිබඳව සැකයක් මව්පියන්ට දැනුණ අතර ඒ පිළිබඳව පුතාට පැවසීමට මව්පියෝ තීරණය කළහ. මව්පියන් සැලකළ ආරංචියට කලබල නොවී මිතුරකු හා සාකච්ඡා කොට බිරිඳගේ හොරය අල්ලා ගැනීමට සැමියා සැලසුම් කළේය.

තරුණ බිරිඳ සොයා බොහෝ දිනවල රාත්‍රියට ඇයගේ නිවසට එන පෙම්වතා උදේ පාන්දරින්ම පිටව යාමට ද අමතක නොකළේය. සැමියා ගමේ පැමිණ ගිය දිනට ආසන්න දිනයක පැමිණීමට ඔහු නිතරම කටයුතු කළ බව පැවසේ.

එලෙස පැමිණ යන පෙම්වතා කාන්තාවට සැලකිය යුතු මුදලක් ලබාදීම ද සිදු කළේය. අධික වැසි සහිත දිනයක පෙම්වතා පැමිණි අතර එදින එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම නිසා ඔහුට එදින ගමන් කිරීම අපහසු විය.

කාන්තාවගේනිවස ආසන්නයේ තැනක යතුරුපැදිය ගාල්කර අඳුරේම නිවසට රිංගාගත් ඔහු කාන්තාව සමග පෙම්සුව විඳිමින් සිටින විට සැමියා පැමිණ දොරට ගසා කතා කළේය.

කිසිවක් සිතා ගැනීමටනොහැකිව තරුණයා සාක්කුවේ තිබූ මුදල් කවරය කාන්තාව අතට දී පසු පස දොරෙන් පැන ගිය අතර බිරිඳ ලියුම් කවරය කොට්ටය යට තබා දිව ගොස් ඉදිරිපස දොර විවෘත කර සැමියා ගෙට ගත්තාය. විදුලි පන්දම් එළියෙන් නිවස සෝදිසි කරද්දී කුස්සියේ දොර අගුළු දමා වසා නොමැති බව සැමියා දුටුවේය.

කලබල නොවූ සැමියා කිසිවක් නොදුටු ලෙස නිවසට පිවිසි අතර පැයක් දෙකක් වැඩිපුර නින්දට ගිය සැමියා අවදී වී නිදා සිටි ඇඳ නැවත සැකසීමේදී කොට්ටය යට තිබී ලියුම් කවරයක් හමු විය. එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ රියදුරු බලපත්‍රයක් යතුරු පැදියක රක්ෂණ සහතිකයක් විය. බිරියගෙන් එය විමසුවද හරි පිළිතුරක් නොලැබිණි.

කුඩා දරුවා මහ ගෙදර නතර කළ තරුණ සැමියා බිරිඳවත් යතුරු පැදියේ නංවාගෙන ගොස් නීතියේ පිහිට පැතුවේය. කොට්ටය යට තිබී හමු වූ බලපත්‍රය සිය අනියම් පෙම්වතාගේ බව පිළිගනිමින් බිරිඳ සමාව ඉල්ලා හඬා වැටුණාය.

අනියම් පෙම්වතාද කැඳවූ පොලිස් නිලධාරීහු ඔහුගෙන්ද කරුණු විමසුහ. කාන්තාවගේ නිවසින් පැන යද්දී මුදල් තිබූ ලියුම් කවරය වෙනුවට බලපත්‍ර තිබූ කවරය මාරු වී ඇති බව ඔහු පැවසීමත් සමග පැමිණිලි විභාගය සිනා සාගරයක් වූයේය.

මෙම සොරය හසුවීම නිසා පවුල් අවුල් කරගන්නට සැමියා කල්පණා කර නොතිබිම විශේෂිතය. ඔහු දරුවා ගැන සිතා සමථයකට ඒමට තීරණය කර තිබේ.

තිදෙනාටම තදින් අවවාද කර සිද්ධිය සමථයකට පත්කළ අතර බිරිඳ සහ සැමියා නිවස බලා පිටත්ව ගියත් කතාව ප්‍රදේශය පුරා පැතිර තරුණයාට සිදු වූ ලියුම් කවර මාරුව ප්‍රචලිත විය. තරුණයා ප්‍රදේශය හැර ගොස් ඇති බවද පැවසේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img