Thursday, May 7, 2026
22.7 C
Sri Lanka

කිරිපිටි මිල ගැන ඔයා කවදත් අහපු නැති කතාවක්.

ආනයනික බදු ඉහළ දැමීමක් සිදු කළ ද කිරිපිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් මේ වනවිට මතු ව නොමැති බව කිරිපිටි ආනයනකරුවන් ගේ සංගමය අවධාරණය කරයි. 

කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසය වනවිට කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු විය හැකි බව එහි සාමාජික ලක්ෂ්මන් වීරසුරිය මහතා පැවසීය.

“අද තියෙන කිරිපිටි කිලෝ එකක බදු මුදල රුපියල් 650 අයින් කළොත් රුපියල් 600ට දෙන්න පුළුවන් ආනයනික කිරි පැකට් එකක්. පසුගිය අවුරුදු 30 ඇතුළත වැඩිම බදු මුදලක් කිරිවලට ගෙවන්නේ අද තමයි.  ටොන් 8,000ක් මාසයට විකිණුන කිරි එක දැන් ටොන් 3,000ට බැහැලා. සීනිවලට ශත 25යි ඩියුටිය. පාන් පිටිවලට රුපියල් 45යි. කිරි පිටිවලට රුපියල් 650යි. මේකේ හරි තොරතුරු රජයේ බලධාරීන්ට නොලැබීම නිසා වැරදි අර්ථකථනයක් දෙනවා රට ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා කිරිවලින්. ලංකාවේ කිසිම දවසක කිරිවලින් ස්වයංපෝෂිත කරන්න බැහැ. මොකද රටේ ජනතාව 85%ක් ඉන්නේ බෞද්ධයෝ සහ හිංදු. හිංදු සහ බෞද්ධ බැතිමතුන් හරක් මස් කන්නේ නැහැ. ලෝකයේ කිරි නිෂ්පාදනය කරන හැම රටක්ම මී කිරි නිෂ්පාදනයේ ලාභය ගන්නේ කිරිවලින් 45%යි මස් වලින් 55%යි.”

“ඇත්තෙන්ම දැන් තියෙන තොගවලින් මිල වැඩිකිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. ඉදිරියට එන කිරි අඩුකරලා අපිට දේන්න පුළුවන් රුපියල් 620කට මේ බදු මිල ඉවත් කළොත්. දැන් ලෝක වෙළෙඳපොළේ කිරි පිටි මිල වැඩිවේගෙන යනවා. පසුගිය සති දෙක තුළම 5% සහ 10% කින් වැඩි වුණා. පසුගිය මාස තුන හතර තුළ කිරිවල වෙළෙඳාම 50%කට වැඩිය අඩු වුණා හැම ආයතනයකම. ඉතින් මේ අඩු වුණ නිසා අපිට ඉදිරි මාස දෙක තුනටම කිරි තියෙනවා අපි ළඟ. ඒවා දෙන්න පුළුවන් අපිට. මිල වැඩිකිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර විට ඔය ගණන්වලට කිරි එනකොට දෙසැම්බර් මාසයේ දී හරි ජනවාරි මාසයේ දී හරි සමහරවිට අපිට මිල වැඩිකිරීමක් ඉල්ලන්න සිදු වේවි මේ බදු මිල අඩු කළේ නැත්නම්.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img