Friday, May 8, 2026
25.7 C
Sri Lanka

රේගුවට නව බඳවාගැනීම් රැසක්.

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

“රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඉතාම සීමිතව කරන්න සිදුවෙලා තියෙන්නේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. රේගු ඇබෑර්තු රැසක් තියෙනවා. එයින් අත්‍යවශ්‍යම කොටස බඳවා ගන්න දැන් කටයුතු කරනවා. මුලින් සාකච්ඡා වුණේ රජයේ සේවයේ ඉන්න අයගෙන් පමණක් ගන්න. නමුත් අවසානයේ තීරණය කළා මේ රටේ උගත් දක්ෂ තරුණ තරුණියන්ට ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන්න. සහකාර රේගු අධිකාරීවරු 138කුත්, ඒ වගේම රේගු පරීක්ෂකවරු 45කුත් බඳවගන්න ලංකාවේ තියෙන ඉහළම තරග විභාගය තියෙනවා. දැන් අයඳුම්පත් කැඳවලා තියෙනවා. දෙසැම්බර් මාසයේ විභාගය.”

මෙම බඳවා ගැනීම් සඳහා වූ ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 22 වනදා උදෑසන 9ට ආරම්භ වී ඇති අතර, එය ඔක්තෝබර් මස 16 වනදා මධ්‍යම රාත්‍රී 12ට අවසන්වීමට නියමිතය.

අදාළ අයදුම්පත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙඩි අඩවියේ පළ කර ඇත.

මෙම බඳවා ගැනීම සිදුකරනු ලබන්නේ වයස අවුරුදු 21ත් 35 අතර තරුණයින් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ “පසුගිය වසර වෙනකොට ලෝකේ අඩුම ආදායම තිබුණ රට. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 8.3යි ලෝකයේ අඩුම ආදායම් ලබපු රට. හැබැයි දැන් අපි ඒකෙන් උඩට ඇවිල්ලා තියෙනවා. අපි ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අපේ රාජ්‍ය ආදායම 50 %කින් වැඩිකරගෙන තියෙනවා. එයද ප්‍රමාණවත් නැහැ. අපේ ඉලක්කවලට යන්න ශක්තිමත් රටක් වෙන්න තවත් ඉස්සරහට යන්න ඕනේ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග රැසක් තියෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද පෙන්වා දුන් පරිදි පරිපාලනය ශක්තිමත් වෙන්න ඕනේ. ඒ අවගේම අපේ තියෙන බදු නිදහස තරමක් අඩු කරන්න ඕනේ. බදු පැහැර හැරීම සක්‍රීයව වළක්වන්න ඕනේ. බදු පැහැර හැරීම වැනි කටයුතු සක්‍රීයව වැළැක්වීම ආදී කටයුතුවලදී මෙම නව තරුණ දක්ෂ නිලධාරීන්ගේ දායකත්වය ඉතා වැදගත්.” යනුවෙනි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img