Friday, May 8, 2026
23.8 C
Sri Lanka

සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් පෙරහුරුවක් ගැන නිවේදනයක්.

ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් හෙට (04) පැවැත්වෙයි.

නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා ඒ බව අද (03) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් දැනුම්දීමේ යාන්ත්‍රණ ඇගයීමේ අරමුණ ඇතිව මෙම අභ්‍යාසය කරන බව නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

එසේම වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර ඇති බවද නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 26,000කට ආසන්න වී තිබේ.

වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව සඳහන්ය.

ඒ අනුව, එම දිස්ත්‍රික්කවල පවුල් 6,250කට අයත් පුද්ගලයින් 25,863 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ වනවිට පූර්ණ නිවාස හානි 2ක් සිදුව ඇති අතර නිවාස 453කට අර්ධ හානි සිදුව තිබේ.

කෙසේවෙතත් මේ වනවිට ආරක්ෂිත ස්ථාන 3ක පවුල් 31කට අයත් පුද්ගලයින් 124 දෙනෙකු රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img