Thursday, May 7, 2026
24.4 C
Sri Lanka

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මි#යයයි.

කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරායෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාත්‍රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයක් මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන්ගත් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කරමින් සිට තිබේ.

එම අවස්ථාවේ දී කන්තලේ දෙස සිට කඩුවෙල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගය අයින් වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී ඇත.

පසුව පොලිස් කොස්තාපල්වරයා මාර්ගයේ ඉදිරියට විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථයක පිටුපස ගැටී බරපතළ තුවාල ලබා තිබේ.

පොලිස් කොස්තාපල්වරයාව පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි, ගිරාබේ, පොල්ගහවෙල ප්‍රදේශවේ පදිංචි පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

අදාළ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img