Wednesday, May 6, 2026
21.8 C
Sri Lanka

ජැක්සන් ඇන්තනීගේ දේහය නිවසට රැගෙන එයි.

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඔහු ජීවත්ව සිටි කඩවත ප්‍රදේශයේ පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

බොරැල්ල “ජයරත්න Respect Home” හි තැන්පත් කර තිබූ දේහය ඊයේ (10) රාත්‍රී නිවසට රැගෙන ආවේය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතය.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය 09 වැනිදා අභාවප්‍රාප්ත වුණි.

දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණේ කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ, “ජයරත්න Respect Home” ස්ථානයේය.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් සහ මහ සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම ජැක්සන් ඇන්තනී මහතාට ආදරය කළ ප්‍රේක්ෂකයින්ද පැමිණියේය.

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද (11) සහ හෙට දෙදින ඔහුගේ නිවසෙහි තැන්පත් කර තැබෙන අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 3ට රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී සිදුකිරීමට නියමිතය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img