Tuesday, December 16, 2025
20.1 C
Sri Lanka

තරුණ තරුණියන් විදෙස්ගත කරවා සිදුකළ අමුතුම සෙල්ලම මෙන්න.

මෙරට තරුණ තරුණියන් රවටමින් මිනිස් ජාවාරමක් සිදුකළ චීන ජාතිකයෙකු තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයන් 70කට අධික සංඛ්‍යාවක් විදෙස්ගත කරවමින් මෙම ජාවාරම සිදුකර තිබුණි. 

සැකකරු මීගමුව අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 19 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 2 සිට 5 දක්වා මුදල් ලබාගෙන මෙරට තරුණ තරුණියන් 70කට අධික සංඛ්‍යාවක් චීන ජාතිකයෙකු විසින් මෙලෙස තායලන්තයට සංචාරක වීසා මත යවා තිබුණි.

එලෙස තායිලන්තයට ගිය කණ්ඩායම ඉන් අනතුරුව නීතිවිරෝධී අයුරින් බෝට්ටු මාර්ගයෙන් එරට සිට මියන්මාරයට හා ලාඕසයට යවා එහිදී ගොඩනැගිල්ලක සිරකර තිබේ.

ඉන්පසුව ඔවුන්ට එරටදී පවසා ඇත්තේ ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් සකසා කාන්තාවන් ලෙස පෙනීසිටිමින් ධනවත් පුද්ගලයින් සමග සම්බන්ධවී ඔවුන්ගේ බැංකු ගිණුම්වල විස්තර ලබාගන්නා ලෙසය.

දිනකට එවැනි පුද්ගලයින් තිදෙනෙක් සම්බන්ධකර ගත යුතු අතර එලෙස නොකළහොත් පහරදීම් සිදුකරන බවත් අදාළ පිරිසට පවසා තිබුණි.

අනතුරුව ලක් රජය මැදිහත්වී එම පිරිස මෙරටට ගෙන්වගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාට බාර කෙරුණි.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු වූ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img