Tuesday, December 16, 2025
20.1 C
Sri Lanka

නවක වදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

පසුගිය වසර තුනක කාලසීමාව තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් වාර්තා වූ නවක වද සිද්ධීන් සහ ඒවා වැළැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් නොවැම්බර් 10 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිවයිනේ සියලුම රජයේ විශ්වවිද්‍යාල වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු ලෙස ඇතුළු වූ අවස්ථාවේ දී විශාල ටයරයක් තමා මත පෙරළා නවකවදයට ලක් කිරීමේ සිද්ධිය හේතුවෙන් ඇති වූ රෝගී තත්ත්වය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පසිඳු හර්ෂණ ද සිල්වා නැමැති සිසුවා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී දිවයිනේ ක්‍රියාත්මක රජයේ විශ්ව විද්‍යාල 16ක් වෙත මෙම නියෝගය නිකුත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

පෙත්සම ඊයේ (11) කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබෙන දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව අදාළ වාර්තා පෞද්ගලික නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර විශ්වවිද්‍යාල වෙත නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙන බවත් ඇය අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන පොලිස්පතිවරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා තව දුරටත් පෙනී සිටින බවත් ජ්‍යේෂ්ඨ රජයේ නිතිඥවරිය සඳහන් කර තිබේ.

එහි දී කොළඹ, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාර්තා ගොනු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස අධිකරණයෙන් අයැද තිබේ.

මෙහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හරහා තම සේවාදායකයා කිසිදු වන්දියක් අපේක්ෂා නොකරන බව සඳහන් කර ඇත.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අනාගතයේ දී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන මෙන් පමණක් පෙත්සම්කරු අධිකරනයෙන් අයැද සිටින බව ජනාධිපති නීතිඥවරයා කියා සිටී.

ඒ අනුව අදාළ පෙත්සම යළි නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එදිනට පෙර අදාළ වාර්තා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ කොළඹ, කැලණිය, පේරාදෙණිය, වයඹ, වවුනියාව, සබරගමුව ඇතුළු රාජ්‍ය විශ්ව විද්‍යාල 16ක් වෙත නියෝග කර තිබේ.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img