Tuesday, May 5, 2026
22.1 C
Sri Lanka

දරුවන්ට සරුංගල් යැවීමට ඉඩදෙන්න එපා.. කුඩා දරුවන්ට වසංගත රෝගයක්.

කීර කොටුවල සේවය කරනා කාන්තාවන්ට සහ කුඹුරු වැනි මඩ සහිත භූමි ප්‍රදේශවලට සරුංගල් යැවීමට යන කුඩා දරුවන්ට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය තුෂානි දබරේරා පැවසුවාය.

ඊයේ (18දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මී උණ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදි ඇය මේ බව අවධාරණය කළාය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මේ වන විට මී උණ වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති අතර මේ වසරේ ගත වූ කාලය තුළ මී උණ රෝගීන් හත්දහසක් (7000) ක් වාර්තා වී තිබේ.

එමෙන්ම මරණ එකසිය විසිපහක් මේ වන විට වාර්තා වී ඇත.

ගම්පහ,කුරුණෑගල,ගාල්ල මාතර යන ප්‍රදේශවල මී උණ වැඩි වශයෙන් ව්‍යාප්ත වන බවත් රත්නපුර දිස්ත්‍රික්කයේ පතල් ආශ්‍රිතව සේවය කරනා පුද්ගලයන්ට අතර මී උණ වැලඳීමේ වැඩි අවදානමක් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

උණ,මස් පිඬු වේදනාව, ඇස් කහ පැහැ ගැන්වීම වැනි රෝග ලක්ෂණ දින තුනකට වඩා වැඩි කාලයක් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද විශේෂඥ වෛද්‍යවරිය ජනතාවට දැනුම් දෙයි.

එසේම ගංවතුර හේතුවෙන් මේ වනවිට බොහෝ ප්‍රදේශවලින් මී උණ රෝගීන් වාර්තා වූ බවද සෞඛ්‍ය අංශ පවසයි.

තවද වාර්තා වන මී උණ රෝගීන්ගෙන් සියයට පහක ප්‍රමාණයක් නිසි වේලාවට ප්‍රතිකාර නොගැනීම නිසා මිය යන බවද විශේෂඥ වෛද්‍ය තුෂාරි දබරේරා මෙහිදී සඳහන් කළාය.

තවද කුඹුරුවල ඇති ජලය පානය කිරීමෙන් සහ මුහුණ සේදීමෙන් වළකින ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

කුඹුරුවල අස්වැන්න නෙළීමේ කටයුතු සිදුකරනා කාලය තුළ සති දෙකකට වරක්වත් මී උණ සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ අදාළ පුද්ගලයන් විසින් ලබා ගැනීම සිදුකළ යුතු බවත් එම ඖෂධ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් ලබාගත හැකි බවත් මෙම මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රකාශ කළාය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img