Tuesday, May 5, 2026
24 C
Sri Lanka

රුපියල් 400ක බෙහෙත් රුපියල් 4,000 බැගින් මිල දී ගෙන.

රුපියල් 400ක් පමණ වටිනා ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන ඇත්තේ රුපියල් 4,000කට පමණ බව අනාවරණය වී තිබේ.

වෛද්‍ය සැපයුම් සහ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු අනුකමිටුවේදී එය අනාවරණය වී ඇත.

2019 සිට 2022 අතර කාලය තුළ හදිසි මිලදී ගැනීම් 286ක් සිදුවී ඇති අතර ඒ සියල්ලම දූෂිත ගනුදෙනු බවට වාර්තා වී තිබේ.

එම හදිසි මිලදී ගැනීම් කොරෝනා සමයෙන් පසුව සිදුවී තිබීමද විශේෂත්වයකි.

රුපියල් 400ක් පමණ වටිනා ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 1,950 සිට 4,000 දක්වා මිල ගණන් යටතේ විවිධ මිල ගණන්වලට විටින් විට මිලදී ගෙන ඇති බවට මෙහිදී අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම කාලයකදී ප්‍රතික්ෂේප කළ ව්‍යාපෘති සඳහා පසු කලෙකදී අනුමැතිය ලැබී ඇති බවත් එම ව්‍යපෘති සඳහා ඩොලර් මිලියන ගණනින් වැය කර ඇතත් කිසිදු සෙතක් සිදුවී නොමැති බවට අනාවරණය වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය සතුව වාර්ෂිකව ටෙන්ඩර් 10,000කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඉන් බහුතර ගනුදෙනු ප්‍රමාණයක් දූෂිත බවත් එම කමිටුවේදී හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් සකසන ලද පූර්ණ වාර්තාවක් මෙම අනුකමිටුව පත්කළ පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ලබාදීමට නියමිතව ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img