Tuesday, May 5, 2026
24 C
Sri Lanka

යාපන ගුවන් තොටට දිනපතා චෙන්නායි සිට යානයක්.

මේ වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙසට ක්‍රියාත්මක වන පලාලි ගුවන් තොටුපලෙහි මගී පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පසුගියදා පලාලි ගුවන් තොටුපලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මේ වන විට ඉන්දියාවේ චෙන්නායි සිට සෑම දිනකම මගීන් 60 රැගෙන එලායන්ස් සමාගමට අයත් ගුවන් යානයක් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.

මෙම ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වලට අමතරව රත්මලාන ගුවන් තොටුපලේ සිට සෑම සතියකම ඩී.පී. ඒවේෂන් සමාගමට අයත් ගුවන්යානා 04 ක් සහ සිනමන් එයාර් සමාගමට අයත් ගුවන්යානා 04ක් කටුනායක ගුවන් තොටුපලේ සිට අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදු කරනු ලබයි.

මෙම ගුවන් මෙහෙයුම් ඉදිරියේදී වැඩි වීම හේතුවෙන් පලාලි ගුවන් තොටුපලට පැමිණෙන සහ ඉන් පිටවන ගුවන් මගීන්ගේ පහසුකම් වැඩි දියුණු කල යුතු බව අමාත්‍යවරයා පලාලි ගුවන් තොටුපලේ දී පැවසීය.

පලාලි ගුවන් තොටුපලේ දැනට තිබෙන මගී පර්යන්තය පුළුල් කිරීම, තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ස්ථාපිත කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි කිරීම, ආගමන විගමන සහ රේගු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ඇතුළු යටිතල පහසුකම් වැඩි කිරීමට සැලසුම් කර ඇති අතර මේ සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ඇස්තමේන්තුකර ඇත.

මෙම පලාලි ගුවන් තොටුපලේ පහසුකම් සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවට ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්‍ෂ ගයාන් අලගේවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img